slc
Home   |    News
අප්‍රේල් 23, 2022
සුධීරගේ පන්දු යැවීමෙන් ටැමිල් යුනියන් ලකුණු 87 කින් පෙරමුණට එයි

sinhala editor

කොළඹ එස්. එස්. සී. පිටියේදී අද (23 දා) දෙවැනි දිනටත් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නිමා කරන විට නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ටැමිල් යුනියන් කණ්ඩායම ලකුණු 39 ක් ඇතුළත කඩුලු 3 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.

පළමු ඉනිමේදී ලකුණු 87 කින් පෙරමුණට පැමිණීමට හැකිවීම නිසා තවත් කඩුලු 7 ක් අතැතිව ටැමිල් යුනියන් කණ්ඩායම මේ වන විට ලකුණු 126 ක් දෙවැනි ඉනිමේ ඉදිරියට පැමිණ සිටියි.

රවිඳු ප්‍රනාන්දුගේ ලකුණු 76 ක ඉනිම හේතු කොට ගෙන පළමු ඉනිම වෙනුවෙන් ටැමිල් යුනියන් කණ්ඩායමට ලකුණු 254 ක් රැස් කර ගැනීමට හැකියාව ලැබිණ. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් කණ්ඩායම ලකුණු 167 ක දවා ලීමට දිලුම් සුධීර ප්‍රමුඛ ටැමිල් යුනියන් පන්දු යවන්නෝ සමත්වූහ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු සුදීර ලකුණු 65 කට ප්‍රතිවාදී පිතිකරුවන් 7 දෙනෙකුම දවා ලමින් පන්දුවෙන් කැපී පෙනුණි. සෙබස්තියනයිට්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරගන්නා ලද්දේ විමුද් සප්නක වන අතර ඔහු ලකුණු 46 ක් රැස් කළේය.

ටැමිල් පළමු ඉනිම සීමා කිරීමේදී තරිඳු රත්නායක කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනුණ. පළමු දිනයේදී කඩුලු 4 ක් දවා ගෙන සිටි වමත් දඟ පන්දු යවන්නා අද දිනයේදී තවත් කඩුලු 2 ක් දවා ලමින් එම කඩුලු 5 ට හිමිකම් කීවේය. ටැමිල් දෙවැනි ඉනිමේදීද දැවී ගිය කඩුලු 3 න් 2 කටම හිමිකම් කියන ලද්දේ තරිඳු රත්නායක වේ.

ටැමිල් යුනියන් පන්දුවාර 71.5 කදී ලකුණු 254 යි – (රවිඳු ප්‍රනාන්දු 76, කවිඳු පතිරත්න 24, රවීන් ද සිල්වා 30, සංතුෂ් ගුණතිලක 27. දිලුම් සුදීර 23 නවෝද් පරණවිතාන 10, සුපුන් කාවින්ඳ 24, තරිඳු රත්නායක 113/5, මනෙල්කර් ද සිල්වා 36/2, සඳුන් ප්‍රනාන්දු 24/2) සහ දෙවැනි ඉනිම කඩුලු 3 ට ලකුණු 39 යි – (නවෝද් පරණවිතාන 14, සංතුෂ් ගුණතිලක 10*, දිලුම් සුධීර 10*, තරිඳු රත්නායක 14/2)

සෙබස්තියනයිට්ස් පළමු ඉනිම  පන්දුවාර 67.1 කදී ලකුණු 167 යි – (සඳුන් ප්‍රනාන්දු 26, තරිඳු රත්නායක 23, විමුද් සප්නක 46, ටෙහාන් ෂාෆ්ටර් 14, විශාල් සිල්වා 14, දිලුම් සුධීර 65/7)

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest