slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2022
ජාත්‍යන්තර අත්දැකීම් ගන්න ශ්‍රී ලංකාවේ ‘නැගීඑන තරු’ එංගලන්තයට යයි  

sinhala editor

සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මසදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත. මැයි මස පළමුවැනිදා එංගලන්තයට යෑමට නියමිත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව තරග 3 කින් සමන්විත සිව්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

මැයි මස 06 වැනිදා කැන්ටබරිහි පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර එම සිව්දින තරග 3 මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. නැගීඑන මට්ටමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමින් අත්දැකීම් වඩ වඩාත් ලබාදීම අරමුණු කොට පැවැත්වෙනු ලැබෙන මෙම තරග සංචාරයේ දෙවැනි කොටස වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මැයි මස 25 වැනිදා ආරම්භ වේ. සෙසු තරග මැයි මස 27 වැනිදා සහ මැයි මස 29 වැනිදා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar