slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2022
නැගීඑන කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙක්

sinhala editor

By Chamila Karawita

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත් කිරීමට වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික පිලේ නායක, මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ යසිරු රුද්‍රිගෝ එම ක්‍රීඩකයින් දෙදෙනා වෙති.

මැයි මස 06 වැනිදා ආරම්භ වන එම තරගාවලියේදී සිව්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්වේ. ඒ අනුව සිව්දින තරග අංශයේ නායකයා ලෙස හිටපු වයස අවුරුදු 19 න් පහළ නායක, වර්තමාන එස්. එස්. සී. පිල නියෝජනය කරනු ලබන නිපුන් ධනංජයද, විස්සයි-20 අංශයේ නායකයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ද නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායම ඇතුළත් ක්‍රීඩකයින් අතර අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති. ඒ හැරුණු කොට සෙසු සියල්ලන්ම පාහේ ටැමිල් යුනියන් කණ්ඩායම ශූරයින් බවට පත්වෙමින් ඉකුත්දා නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයෝ වෙති.

ඒ අතර තරග 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 663 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක පෙරේරා සහ තරග 5 කදී කඩුලු 52 ක් බිඳ දමමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු දිලුම් සුධීරද පසුවේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියල්, මනෙල්කර් ද සිල්වා.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee