slc
logo
Home   |    News
අප්‍රේල් 19, 2022
ප්‍රධානතම කාන්තා එක්දින ශූරතාව පිට පිටම දෙවැනි වතාවටත් නාවික හමුදාවට

sinhala editor

By Chamila Karawita

ශූරියන් කවුරුන්ද යන්න තීරණය වීම අවසන් දිනය දක්වා තියුණු මුහුණුවරක් ගනු ලැබූ අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් පන්දුවාර 50 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නාවික හමුදා කණ්ඩායම අද (19 දා) සමත්විය. ඔවුන් මෙවර ශූරතාව දිනාගනු ලැබුවේ පිට පිටම දෙවැනි වතාවට වීම විශේෂත්වයකි.

ලීග් ක්‍රමයට ශූරියන් තේරීම සිදුවුණු මෙම තරගාවලියේ අවසන් දිනයේදී ශූරතාව දිනා ගැනීමට නම් නාවික හමුදා කණ්ඩායමට, යුද හමුදා ‘බී’ කණ්ඩායමට එරෙහිව අද පැවැති තරගයේ ජය ප්‍රසාද ලකුණද සමඟ අත්‍යවශ්‍ය විය. විටින් විට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එක් පිලකට පන්දුවාර 22 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී යුද හමුදා ‘බී’ කණ්ඩායම ලබා දුන් ලකුණු 41 ක ඉලක්කයක කිසිදු කඩුල්ලක් ලබා නොදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ රැස් කරගනු ලැබුවේ ශූරතාව දිනා ගැනීම සඳහා වන ප්‍රසාද ලකුණද සමඟිනි.

ශූරතාව දිනා ගන්නේ කවුරුන්ද යන්න අද වන තෙක්ම තුන් කොන් සටනක් බවට පත්ව තිබුණු මෙවර තරගාවලියේදී සීනිගම කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ජය ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවත් ප්‍රසාද ලකුණු ලබා ගැනීමට ඔවුන්ට නොහැකිවීම නිසා ශූරතා දිනා ගැනීමේ බලාපොරොත්තු ඔවුන් අතින් ගිලිහිණ.

යම් හෙයකින් එම තරගය ප්‍රසාද ලකුණ සමඟ ජය ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත්වූයේ නම් ශූරතා දිනූ නාවික හමුදා පිලේ සහ ගුවන් හමුදා ‘ඒ’ පිලේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 30 බැගින් සමාන තත්ත්වයට පත්වනු ඇත. ඒ අනුව ශූරියන් කවුරුන්ද යන්න දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පදනම් වනු ඇති බැවින් එහි වැඩි වාසිය ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සතු වනු ඇත. මන්ද යත් නාවික හමුදා පිලේ (2.377) ලකුණු ලබා ගැනීමේ වේගයට වඩා ගුවන් හමුදා ‘ඒ’ පිලේ ලකුණු ලබා ගැනීමේ වේගය (2.429) වැඩි අගයක් ගත් බැවිනි.

මෙවර තරගාවලියේ තරග 7 කට ක්‍රීඩා කර ඇති හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වයෙන් යුතු නාවික හමුදා පිල සහ ගුවන් හමුදා ‘ඒ’ පිල ජයග්‍රහණ 6 ක් සහ එක් පරාජයක් ලබා සිටින නමුත්, ලබා සිටින ජයග්‍රහණ 6 න් 5 ක්ම ප්‍රසාද ලකුණු සහිතව ජය ගැනීමට සමත්වීම නිසා නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණ සිටියි. මූලික වටය යටතේ නාවික හමුදාව මුණ ගැසුණු තරගයෙන් ගුවන් හමුදා ‘ඒ’ පිල ජය ගැනීමට සමත් වුවත් එම තරගයේ ප්‍රසාද ලකුණ ලබා ගැනීමට ගුවන් හමුදා පිලට නොහැකිවීමද අවසානය කණගාටුදායක තත්ත්වයකට පත්වීමට හේතු කාරක වූවේය.

මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් පන්දුවාර 22 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 39 ක් ලබා ගැනීමට ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම සමත් වුවද ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව නාවික හමුදා පිලට හිමිවූ ලකුණු 41 ක ඉලක්කය පන්දුවාර  10 කදී ලබා ගැනීමට සමත්විය. ඒ වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 22 ක් සහ ප්‍රසාදිනී වීරක්කොඩි ලකුණු 19 ක් රැස් කරගත්හ. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 04 කට කඩුලු 3 ක් දවා ගගනිද්දී උමේෂා තිමේෂානි ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තාහ.

මේ අතර අද දිනයේ පැවැති සෙසු තරග වලදී යුද හමුදා ‘ඒ’ කණ්ඩායම සහ හලාවත මේරියන්ස් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකම පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ අතර ගුවන් හමුදා ‘ඒ’ සහ සීනිගම තරගයේ ජය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් ගුවන් හමුදා ‘ඒ’ කණ්ඩායම විසින්ද කෝල්ට්ස් පිලට එරෙහි තරගය ගුවන් හමුදා ‘බී’ කණ්ඩායම විසින් කඩුලු 6 කින්ද ජය ගැනීමට සමත්වූහ.

තරගාවලියේ වීරයා සම්මානය ලකුණු 304 ක්සී සහ කඩුලු 17 ක් දවා ගැනීමට සමත්වූ සීනිගම ක්‍රීඩා සමාජයේ කවීශා දිල්හාරි විසින් දිනා ගනු ලැබීය. ඊට අමතරව හොඳම පිතිකාරිණිය ලෙස ලකුණු 213 ක් රැස් කළ හලාවත මේරියන්ස් පිලේ විශ්මි ගුණරත්නද, හොඳම පන්දු යවන්නිය ලෙස කඩුලු 19 ක් බිඳ හෙලූ නාවික හමුදා පිලේ ඉනෝකා රණවීරද සම්මාන දිනාගත්හ.

නාවික හමුදාව – යුද හමුදා ‘බී’

නාවික හමුදාවට විශිෂ්ඨ ජයක්

යුද හමුදා ‘බී’ කණ්ඩායම පන්දුවාර 22 කදී කඩුලු 9 ට ලකුණු 39 යි – (අහේෂා සඳමාලි 18, ඉනෝකා රණවිර 04/3, උමේෂා තිමේෂානි 11/2, සත්‍යා සංදීපන් 07/1, උදේශිකා ප්‍රබෝධනී 06/1)

නාවික හමුදාව පන්දුවාර 10 කදී කිසිවකු නොදැවී ලකුණු 41 යි – (හසිනි පෙරේරා 22*, ප්‍රසාදිනී වීරක්කොඩි 19*)

ගුවන් හමුදා ‘ඒ’ – සීනිගම

ගුවන් හමුදා ‘ඒ’ පිලට ලකුණු 27 ක ජයක්

ගුවන් හමුදා ‘ඒ’ පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 94 යි – (ඕෂදී රණසිංහ 21, ඩිලානි මනෝදරා 17, චමරි පොල්ගම්පොල 23, සචිනි නිසංසලා 15/2)

සීනිගම පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 67 යි – (කවීෂා දිල්හාරි 22, සචිනි නිසංසලා 24, මල්ෂා ශෙයානි 07/3, තරුඛා ශෙහානි 10/2)

ගුවන් හමුදා ‘බී’ -කෝල්ට්ස්

ගුවන් හමුදා ‘බී’ පිලට කඩුලු 6 ක ජයක්

කෝල්ට්ස් පන්දුවාර 46 කදී සියලු දෙනා දැවී ලකුණු 146 යි 9 – (කෞෂානි නුත්‍යාංගනා 68, අමාධි විජේසිංහ 21, සඳලි බණ්ඩාරිගොඩ 14, ලංකා මෙන්ඩිස් 24/3, ශාලිකා ප්‍රේමරත්න 17/2, සඳලි දෙද්දූවකුමාර 11/3)

ගුවන් හමුදා ‘බී’ පන්දුවාර 42.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 147 යි – (මල්කි මදාරා 68, හිරුෂි පීරිස් 40)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee