slc
logo
Home   |    News
අප්‍රේල් 22, 2022
විශ්මිගෙන් විශ්මිත ඉනිමක්

sinhala editor

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයුතු කරනු ලබන විශ්මි ගුණරත්න වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් බාලිකා සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී වාර්තාගත පිතිහරඹයක නිරත වෙමින් ලකුණු 417 ක් රැස් කිරීමට සමත්වූවාය. ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරනු ලබන විශ්මි පන්දු 128 කට මුහුණ දෙමින් එම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීම කැපී පෙනෙයි. විශ්මිගේ මේ විශ්මිත ඉනිම මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩිකාවක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවටද පත්විය.

විශ්මි ලබාගත් ලකුණු 417 න් ලකුණු 370 ක්ම හයේ සහ හතරේ පහර වලින් ලබාගත් ඒවා වූ අතර ලකුණු 47 ක් පමණක් කඩුලු අතර දිව යමින් රැස් කරන ලද ඒවාය. එහිදී ලකුණු 174 ක් හයේ පහර 29 කින්ද, ලකුණ් 196 ක් හතරේ පහර 49 කින්ද සමන්විත ව විශ්මි ලබාගත්තාය.

 විශ්මිට පෙර වැඩිම ලකුණු රැස් කරන ලද ක්‍රීඩිකාව බවට පත්වූයේ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂිනී නුත්‍යාංගනා විසින් නොදැවී රැස් කරන ලද ලකුණු 374 විය.

ජයසිරිපුර කනිෂ්ට විදුහලට එරෙහිව මීගමුවේදී පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් රත්නාවලී බාලිකා විදුහල විශ්මිගේ ඉනිම හේතුවෙන් නියමිත පන්දුවාර 30 අවසනදී කඩුලු 2 කට ලකුණු 567 ක් රැස් කර ගැනීමට සමත්විය. එහිදී පළමු කඩුල්ල වෙනුවෙන් කාව්‍යා පින්සිත් සමඟ එක්ව පන්දු 62 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් තැබූ විශ්මි, සඳලි වීරසිංහ සමඟ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 352 ක දැවැන්ත ලකුණු සම්බන්ධතාවක් ගොඩනැංවූවාය.

ඉලක්කය හඹා යෑමේදී ජයසිරිපුර විදුහලට පන්දුවාර 14.3 කදී සියලු දෙනා රැස් කරගත හැකි වූයේ ලකුණු 35 ක් පමණි. පන්දු යැවීමේදී උමායා රත්නායක ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූවාය.

රත්නාවලී බාලිකා විදුහල පන්දුවාර 30 කදී කඩුලු 2 ට ලකුණු 567 යි – (විශ්මි ගුණරත්න 417*, සඳලි වීරසිංහ 78)

ජයසිරිපුර කනිෂ්ට විදුහල පන්දුවාර 14.3 කදී සියලු දෙනා දැවී ලකුණු 35 යි – (උමායා රත්නායක 11/5)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee