slc
logo
Home   |    News
අප්‍රේල් 26, 2022
ජාත්‍යන්තර අත්දැකීම් ගන්න ශ්‍රී ලංකාවේ ‘නැගීඑන තරු’ එංගලන්තයට යයි  

sinhala editor

සිව්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම මැයි මසදී එංගලන්තය බලා පිටත්ව යනු ඇත. මැයි මස පළමුවැනිදා එංගලන්තයට යෑමට නියමිත ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුව තරග 3 කින් සමන්විත සිව්දින තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය.

මැයි මස 06 වැනිදා කැන්ටබරිහි පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර එම සිව්දින තරග 3 මැයි මස 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. නැගීඑන මට්ටමේ ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර මට්ටමින් අත්දැකීම් වඩ වඩාත් ලබාදීම අරමුණු කොට පැවැත්වෙනු ලැබෙන මෙම තරග සංචාරයේ දෙවැනි කොටස වන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය මැයි මස 25 වැනිදා ආරම්භ වේ. සෙසු තරග මැයි මස 27 වැනිදා සහ මැයි මස 29 වැනිදා පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee