slc
logo
Home   |    News
අප්‍රේල් 28, 2022
නැගීඑන කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙක්

sinhala editor

By Chamila Karawita

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත් කිරීමට වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික පිලේ නායක, මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ යසිරු රුද්‍රිගෝ එම ක්‍රීඩකයින් දෙදෙනා වෙති.

මැයි මස 06 වැනිදා ආරම්භ වන එම තරගාවලියේදී සිව්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්වේ. ඒ අනුව සිව්දින තරග අංශයේ නායකයා ලෙස හිටපු වයස අවුරුදු 19 න් පහළ නායක, වර්තමාන එස්. එස්. සී. පිල නියෝජනය කරනු ලබන නිපුන් ධනංජයද, විස්සයි-20 අංශයේ නායකයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ද නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායම ඇතුළත් ක්‍රීඩකයින් අතර අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති. ඒ හැරුණු කොට සෙසු සියල්ලන්ම පාහේ ටැමිල් යුනියන් කණ්ඩායම ශූරයින් බවට පත්වෙමින් ඉකුත්දා නිමාවට පත් වුණු නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයෝ වෙති.

ඒ අතර තරග 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 663 ක් රැස් කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක පෙරේරා සහ තරග 5 කදී කඩුලු 52 ක් බිඳ දමමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු දිලුම් සුධීරද පසුවේ.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුඳ්‍රගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියල්, මනෙල්කර් ද සිල්වා.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee