slc
Home   |    News
මැයි 7, 2022
කෙන්ට් 418/6යි.

Sri Lanka Cricket

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ සිකුරාදා (6) ආරම්භවූ සිව්දින තරගයේදී මුලින් පන්දුවට පහරදෙන කෙන්ට් ප්‍රාන්තය ප්‍රථම දින නිමවන විට කඩුලු හයකට ලකුණු 418ක් ලබාසිටියේය.

කෙන්ට් කණ්ඩායමට ප්‍රබල තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදාවූයේ පස්වන කඩුල්ලට ඩැරන් ස්ටීවන්ස් සහ ජෝර්ජ් ලින්ඩෙ පන්දු 250කදී එක්කළ ලකුණු 264මතය. මේ පිතිකරුවන් දෙදෙනාම ශතක ඉක්මවීමය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් කෙන්ට් ඉනිම ආරම්භයේදී කඩුලු දෙකක් දවාලීමෙන් ඔවුනගේ පළමු කඩුලු හතර ලකුණු 95ක් වන විට දැවීගියේ පන්දුවාර 31.2ක් වන විටය. පසුව ස්ටීවන්ස් සහ ලින්ඩෙ පස්වන කඩුල්ලට ප්‍රහාරාත්මක සබඳතාවයක් තබාගැනීමෙන් ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි.

ඩැරන් ස්ටීවන්ස් පන්දු 142කදී හතරේ 24ක් සහ හයේ පහක් සමඟ ලකුණු 168ක්ද ජෝර්ජ් ලින්ඩෙ පන්දු 141කදී හතරේ 11ක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 107ක්ද ලැබීය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් කැපීපෙනුණු උදිත් මධුෂාන් ලකුණු 75කට කඩුලු දෙකක්ද ධනංජය ලක්ෂාන් ලකුණු 92කට කඩුලු දෙකක්ද දවාලමින් දක්ෂතා දැක්වූහ.

කැන්ටබරිහි ශාන්ත ලෝරන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනූ කෙන්ට් නායක ජැක් ලීනින්ග් තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන්නේ මීට වසර තුනකට පෙර ශ්‍රී ලංකා 19න් පහළ නායකත්වය දැරූ නිපුන් ධනංජයය.

වේග පන්දු යවන යසිරු රුද්‍රිගෝ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ප්‍රථමවරට නියෝජනය කිරීමට වරම් ලද අතර කෙන්ට් කණ්ඩායම ප්‍රථමවරට නියෝජනය කරන ලැබුවේ බිලි මීඩ් සහ මැක්ස් ලකට්ය.

කෙන්ට් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු අනෙකුත් පිතිකරුවන් වූ මාක්ස් ඕ රියෝඩ්න් පන්දු 83කදී හතරේ තුනක් සමඟ ලකුණු 31ක්ද ජෝ ඩෙන්ලි පන්දු 56කදී හතරේ පහක් සමඟ ලකුණු 35ක්ද නායක ජැක් ලීනින්ග් පන්දු 40කදී හතරේ හතරක් සමඟ ලකුණු 22ක්ද ලැබීය.

ලකුණු විස්තරය

කෙන්ට් ප්‍රාන්තය පන්දුවාර 90කදී කඩුලු හයකට 418යි.

(ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩෙ 107, ජෝ ඩෙන්ලි 35, මාක්ස් ඕ රියෝඩ්න් 31, ජැක් ලීනින්ග් 22, උදිත් මධුෂාන් 75/2, ධනංජය ලක්ෂාන් 92/2, අෂේන් බණ්ඩාර 30/1, යසිරු රුද්‍රිගෝ 63/1යි)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest