slc
Home   |    News
මැයි 24, 2022
නැගීඑන – සරේ තරගයේ විසඳුමකින් තොරව අවසන් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතෙර ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවතී සිව්දින ක්‍රිකට් තරගය අද (23) නියමිත වේලාවට පැය භාගයකට පෙර නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස්කළ කඩුලු 9ට ලකුණු 372ට පිළිතුරු ලෙස සරේ ප්‍රාන්තය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 556ක් රැස් කළේ මුල් ඉනිමේ ලකුණු 184ක් ඉදිරියෙන් සිටිමිනි. තරගය නිමාවට පත්වනවිට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී කඩලු හයකට ලකුණු 290ක් ලබා සරේ මුල් ඉනිමට වඩා ලකුණු 106කින් ඉදිරියෙන් පසුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසෙන විට සරේ මුල් ඉනිමේ වැඩිපුර ලබා සිටී ලකුණු 184 පසු කිරිම මුල්ම කාර් යයක් වුවද ඉදිරිපෙළ ප්‍රබලම පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු 113ක් වනවිට දැවීයාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පත්වූයේ අසීරුම තත්ත්වයකටය.

         ප්‍රථම ඉනිමේ ලංකා ගැලවූම්කරු වූ නායක නිපුන් ධනංජය නැවත වතාවක් එම කාර්යයට උරදෙමින් හයවන කඩුල්ලට අවිශ්ක තරිඳු සමග ලකුණු 177ක් රැස් කරමින් තරගයේ ස්වරුපය වෙනස් කළේ ලංකා කණ්ඩායමට සිව්දින තරගාවලිය ගෞරවාන්විතව නිම කිරීමේ අවස්ථාව උදා කරමිනි.

මෙහිදි අවිශ්ක තරිඳු පන්දු108කට මුහුණදී හතරේ 14ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 103ක් ද නිපුන් ධනංජය පන්දු 114කදී හතරේ හයක් සමග ලකුණු 81ක්ද රැස් කළහ.

මීට අමතරව ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ පන්දු 66කදී ලකුණු 49ක් ද අවිශ්ක පෙරේරා ලකුණු 18ක් ද රැස් කළහ. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මීළඟ තරග  මේ මස 25,27 සහ 29 දිනවල දි පැවත්වනුයේ 20-20 තරග තුනක් ලෙසිනි.

සරේ සමග තරගයේදී දෙවැනි ඉනිමේදී විශේෂ දක්ෂතා දැක්වූ (නොදැවී 103) 20 හැවිරිදි අවිශ්ක තරිඳු දකුණතින් වේගයෙන් පන්දුවට පහර දෙන මැද පෙළ පිතිකරුවෙකි.

තෙවන දින තරගය නිමාවනවිට කඩුලු 7ක් දැවී ලකුණු 482 ක් ලබා සිටි සරේ කණ්ඩායම අවසාන දිනය වූ අද (23) ඉතිරි පිතිකරුවන් තිදෙනා දැවී තවත් එක්කළේ ලකුණු 74කි. සියලු පිතිකරුවන් දැවී ඔවුන් ලබාගත් ලකුණු 556 රැස් කිරීමට ඔවුන් මුහුණු දුන්නේ පන්දුවාර 164.3කටය

සරේ අගපෙළ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලෙස ඩෑන මොරියටි රැස් කළේ ලකුණු 29ක් පමණකි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ලකුණු 143 ක් ලබාදී දවාලු කඩුලු සංඛ්‍යාව පහකි. ඊට අමතරව අම්ෂි ද සිල්වා සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවාලූහ.

සරේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා  ප්‍රථම කඩුල්ලේ ලකුණු 227ක සබඳතාවයෙන් පසුව කණ්ඩායමේ කඩුලු දහයම දැවී ගියේ ලකුණු 329ක් එක් වද්දීය ඊට ගුස් ඇට්කින්සන් ලබාගත් ලකුණු 91ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 9ට 372 ( පන්දුවාර 102) –  නිපුන් ධනංජය නොදැවී 150, අවිශ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, ටොම් ලෝව්ස් 34/3, අමිර් විර්දි 67/3)

සරේ ප්‍රථම ඉනිම සියල්ල දැවී 556 යි (පන්දුවාර 164.3 යි) – (රයන් පටෙල් 126, බෙන් ගෙඩිස් 104, ගුස් ඇට්කින්සන් 91, නිකෝ රයිෆර් 68, ඩෑන් වොරියටි 29, දුනිත් වෙල්ලාලගේ 143/5, අම්ෂි ද සිල්වා 124/2, නුවනිඳු ප්‍රනාන්දු 78/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 6ට ලකුණු 290 යි – (අවිශ්ක තරිඳු නොදැවී 103, නිපුන් ධනංජය 81, ලසිත් කෘස්පුල්ලේ 49, අවිශ්ක පෙරේරා 18, බ්‍රෙට් හටන් 32/2, ගුස් ඇට්කින්සන්32/2)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest