slc
logo
Home   |    News
මැයි 22, 2022
නිපුන් ධනංජය සුපිරි ඉනිමක්

sinhala editor

ලන්ඩනයේ ගිල්ෆර්ඩ් හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී කඩුලු 9කට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමාවන විට සරේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 196ක් ලබා සිටියේ ය.

ආරම්භක පිතිකරුවන් වූ රයන් පටෙල් නොදැවී ලකුණු 109ක් ද  බෙන් ගෙඩිස් නොදැවී ලකුණු 75ක් ද ලබා සිටිති. මේ වන විට සරේ කණ්ඩායම කඩුලු දහහයම ඉතිරිව  ලකුණු 176ක් මුල් ඉනිමේදී පිටුපසින් සිටී.

ශ්‍රී ලංකා නැගී එන කණඩායමේ නායක නිපුන් ධනංජයගේ නායකත්ව ඉනිමෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9කට ලකුණු 372ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරායාමට අවස්ථාව ලැබිණි. 21 හැවිරිදි නිපුන් ධනංජය ලංකා ඉනිමපුරා  සබඳතා ගොඩනංවමින් ලංකා කණ්ඩායම ලකුණු 372ක් වැනි  සංඛ්‍යාවක් කරාගෙන යාමට මුල්විණි.

නිපුන් ධනංජය පන්දු 232කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ නොදැවී රැස් කළ ලකුණු 150 පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරගයක ඔහු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වේ. මීට පෙර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව  වුයේ 114කි.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලංකා කණ්ඩායම ප්‍රබලම පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 127කට දැවි සිටියදී නායකත්ව ඉනිමක් දියත් කළ නිපුන් ධනංජය තම අගපෙළ අවසාන කඩුලු හතර දැවී  යනවිට තවත් ලකුණු 245ක් එක්කරමින් 372ක් වැනි සංඛ්‍යාවක් කරා යන විට තම කණ්ඩායම ගෙන ගියේය.

ප්‍රථම දින තරගය නිමාවන විට කඩුලු හයක් දැවී ලකුණු 230ක් ලබා සිටි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම  දෙවනි දින දිවා අහාරයෙන් ස්වල්ප වේලාවකට පසු කඩුලු නවයකට  ලකුණු 372ක් රැස්කර සිටියදී තම ප්‍රථම ඉනිම නිමාවට පත් කළේ දෙවැනී දිනයේදී තවත් කඩුලු තුනක් පමණක් දැවී තවත් ලකුණු 142ක්ද එක් කර ගනිමිනි.

නිපුන් ධනංජය මෙදිනද අනෙක් කෙළවරේ තම සහය පිතිකරුවන් දිරිගන්වමින් ලංකා අගපෙළ සබඳතාවයන්  සියල්ල ශක්තිමත් කිරීමට මුල් විණී.

මෙහිදී නිපුන් සහ මනෙල්ක ද සිල්වා හත්වන කඩුල්ලට ලකුණු 30ක්ද අටවන කඩුල්ලට නිපුන් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 87ක්ද නවවන කඩුල්ලට නිපුන් සහ යසිරු රුද්‍රිගෝ ලකුණු 26ක් ද රැස් කරමින් අපේක්ෂා නොකළ අයුරින්  ලකුණු 350 සීමාවද ඉක්මවූහ.

ශ්‍රී ලංකා 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ අටවන කඩුල්ලට පන්දුවට පහරදෙද්දී පන්දු 72කට මුහුණ දී හතරේ හතරක් හයේ පහරක් සමග ආක්‍රමණශීලී ලකුණු46ක්ද මානෙල්ක ද සිල්වා හත්වන කඩුල්ලේදී පන්දු 35කදී හතරේ තුනක් සමග ලකුණු 16ක්ද 19 හැවිරිදි යසිරු රුද්‍රිගෝ නවවන කඩුල්ලේදී පන්දු 36කදී හතරේ පහරක් සමග ලකුණු 17ක්ද රැස් කරමින් තම නායකයාට නොමද සහයක් ගෙන දුන්හ.

සරේ කණ්ඩායමේ කැපී පෙනුණු පන්දු යවන්නන් දෙදෙනා වන ටොම් ලෝව්ස් සහ අමර් විර් දි කඩුලු තුන බැගින් දවලූහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 9ට 372 යි පන්දුවාර 102 යි – (නිපුන් ධනංජය නොදැවී 150, අවිෂ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, යසිරු රුද්‍රිගෝ 17, මානෙල්ක ද සිල්වා 16, නුවනිඳු ප්‍රනාන්දු 16, ටොම් ලොව්ස් 34/3, අමර් විර් දි 67/3 යි)

සරේ ප්‍රථම ඉනිම කිසිවෙකු නොදැවී 196 පන්දුවාර 57යි – (රයන් පටෙල් නොදැවී 109 බෙන් ගෙඩිස් නොදැවී 75)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee