slc
logo
Home   |    News
මැයි 8, 2022
නිශාන් – ලසිත් එංගන්තයේදී අපේ වැඩපෙන්වති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා සංවර්ධන (නැගීඑන) කණ්ඩායමේ නිශාන් මධුශ්ක (නොදැවී 104) සහ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 86) එංගලන්තයේ කෙන්ට් කණ්ඩායමේ පන්දු යවන්නන් දරුණු ප්‍රහාරයකට ළක්කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතාමත සංචාරක ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට ප්‍රථම ඉනිමේදී කඩුලු එකකට ලකුණු 201ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි.

කෙන්ට් කණ්ඩායම කඩුලු අටකට ලකුණු 595ක් ලබාගත්තත් ඊට නොදැවිනි පිළිතුරක් ලබාදුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ පිතිකරුවන් පන්දුවාරයකට ලකුණු 4.90ක දැඩි ප්‍රහාරත්මක පිතිහරඹයක නියැලුණේ ක්‍රිකට් උපන් එංගලන්ත නරඹන්නේ මවිතයට පත්කරමිනි.

ලංකා සංවර්ධන කණ්ඩායමේ අංක තුන පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 120කදී හතරේ 18ක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 104ක්ද ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ පන්දු 109කදී හතරේ දහයක් හයේ දෙකක් සමඟ නොදැවී ලකුණු 86ක් ද රැස්කරමින් දෙවැනි කඩුල්ලට නොදැවී ලකුණු 187ක් රැස්කළේ පන්දු 218කට පමණක් මුහුණදෙමිනි.

කෙන්ට් කණ්ඩායම කඩුලු අටකට ලකුණු 595ක් රැස්කරමින් දුන් අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවට සැහැල්ලුවෙන් පිළිතුරක් දුන් ලංකා පිතිකරුවන් දැක්වූ විශිෂ්ට පිතිහරඹය ප්‍රශංසනාත්මකය.

කණ්ඩායමේ නායක නිපුන් ධනංජය මුළු ලකුණු 14දී (පන්දුවාර 4.4) පෑඩ්මෝගෙ පන්දුවකට මියුයේ උඩපන්දුවක් රැකගැනීමෙන් ලකුණු අටකට දැවීයාමෙන් පසුව දෙවැනි කඩුල්ලට නිශාන්ගෙ සහ ලසිත්ගෙ මෙම පිතිහරඹයට කෙන්ට් පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් ලක්විණි.

ප්‍රථම දින තරගය නතර කරන විට කඩුලු හයකට ලකුණු 418ක් රැස්කරසිටි කෙන්ට් කණ්ඩායම දෙවන දින (7) දිවා ආහාරයෙන් පැයකට පමණ පසු තම ප්‍රථම ඉනිම නිමාවට පත්කළේ කඩුලු අටකට ලකුණු 595ක් ලබාසිටියදීය. ඔවුන් පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 4.34ක් රැස්කළේ වේගයෙන් ලකුණු රැස්කරමිනි.

දෙවැනි දින කෙන්ට් කණ්ඩායම පන්දුවාර 47කට මුහුණදී කඩුලු දෙකක් දැවී එක්කළ ලකුණු සංඛ්‍යාව 177කි. මෙදින කෙන්ට් කණ්ඩායමේ ප්‍රථම ඉනිමේ තෙවැනි ශතකය බිලී මීඩ් ලබාගත්තේ පන්දු 188කදී හතරේ අටක් සහ හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 106ක් ලබාගනිමිනි. හැරී පොඩ්මෝ ලකුණු 56ක්ද (පන්දු 73යි හතරේ හතයි හයේ පහරයි) හමිඩුල්ලා කඩ්රි (34) ලකුණු අතරට පැමිණීමෙන් කෙන්ට් කණ්ඩායමට ලකුණු හයසියය ආසන්නයට ළඟාවීමේ අවස්ථාව උදාවිණි.

කෙන්ට් කණ්ඩායමට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරායාමට මුල්වූ ඩැරන් ස්ටීවන්ස් (168) හතළිස් හයේ වියෙහි පසුවන දකුණතින් පිත්ත හසුරුවන දකුණතින් මදවේග පන්දු යවන තුන් ඉරියව්වේම දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකි. ඔහු 46වන වියට පා තැබුවේ පසුගිය අප්‍රේල් 30වැනිදාය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් යසිරු රුද්‍රිගෝ (90/2යි) ධනංජය ලක්ෂාන් (106/2යි) සහ උදිත් මධුෂාන් (106/2යි) කැපීපෙනුණි.

ලකුණු විස්තරය

කෙන්ට් ප්‍රථම ඉනිම කඩුලු 8ට 595යි (පන්දුවාර 137යි) – (ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩෙ 107, බිලී මීඩ් නොදැවී 106, හැරී පොඩ්මෝ 56, ජෝ ඩෙන්ලි 35, හමිඩුල්ලා කඩ්රි 34, මාක්ස් ඕ රියෝඩන් 31, යසිරු රුද්‍රිගෝ 90/2, ධනංජය ලක්ෂාන් 106/2, උදිත් මදුෂාන් 109/2, අෂේන් බණ්ඩාර 50/1, නිපුන් මාලිංග 87/1යි)

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම කඩුලු 1ට 201 (පන්දුවාර 40.1යි) – නිශාන් මධුශ්ක නොදැවී 104, ලසිත් කෲස්පුල්ලේ නොදැවී 86, හැරී පොඩ්මො 41/1යි)

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

USD United States (US) dollar