slc
logo
Home   |    News
මැයි 10, 2022
ප්‍රථම ඉනිමේ වාසිය නැගීඑන කණ්ඩායමට 

Sri Lanka Cricket

එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කැන්ටබරිහි පැවැති සිව්දින තරගය සඳුදා (9) ජය පැරැදුමින් තොරව නිමාවට පත්වුවද මෙම තරගයේදී ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලකුණු 63කින් ඉදිරියෙන් පසුවීමට සමත්විණි.

කෙන්ට් කණ්ඩායම ප්‍රථම ඉනිමේදී ලබාගත් ලකුණු 595ට පිළිතුරු ලෙස සංවර්ධන කණ්ඩායම කඩුලු 9කට ප්‍රථම ඉනිම නිමාවට පත්කරන අවස්ථාවේ ලබාසිටි ලකුණු සංඛ්‍යාව 658කි.

තෙවන දින තරගය නිමවන විට නොදැවී ලකුණු 09ක් ලබා සිටි සංතූෂ් ගුණතිලක නවවන කඩුල්ලට වේගපන්දු යවන යසිරු රුද්‍රිගෝ සමඟ එක්කළ ලකුණු සංඛ්‍යාව 75කි. (පන්දු 152යි) සංතූෂ් ගුණතිලක මෙදින නොදැවී අර්ධ ශතකයක් (නොදැවී 58යි) රැස් කළේ පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර අටක් සමඟය. සංතූෂ්ට අගනා සහයක් දුන් යසිරු රුද්‍රිගෝ ලකුණු 25ක් රැස්කළේ පන්දු 81කට මුහුණදෙමින් හතරේ පහර තුනක්ද එල්ල කරමිනි. එම අවස්ථාව අනුව යසිරුගෙ දායකත්වය විශාල පිටුවහලකි.

තෙවන දින තරගය නිමවන විට කඩුලු හයකට ලකුණු 573ක් රැස්කරගෙන සිටි ලංකා සංවර්ධණ කණ්ඩායම තරගයේ අවසාන දින (9) ඊට තවත් ලකුණු 85ක් එඒකළේ කඩුලු තුනක්ද දැවීයාමෙන් අනතුරුවය. මුළු ලකුණු 658දී යසිරු රුද්‍රිගෝ නවවන කඩුල්ල ලෙස දැවීයාමත් සමඟ නායක නිපුන් ධනංජය තම කණ්ඩායමේ ඉනිම නිමාවට පත්කළේය.

කෙන්ට් කණ්ඩායම දෙවන ඉනිමේදීද දක්ෂ පිතිහරඹයක නියැළෙමින් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 200ක් රැස්කර සිටියදී ඔවුන් නැවත වරක් තම ඉනිම නිමාවට පත්කළේය. දිනයේ තරගය නිමවීමට තවත් පැයක් පමණ කාලයක් ඉතිරිව තිබුනත් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීමට නොයාම තරගය අවසන් කළේ ජය පැරැදුමින් තොර තරගයක් ලෙසිනි.

කෙන්ට් දෙවන ඉනිමේදී ආරම්භක පිතිකරු මාකස් ඕ රියෝඩන් නොදැවී ලකුණු 102ක් ලබා සිටියේ පන්දු 149කදී හතරේ 12ක් සමඟය. ටවන්ඩා මුයෙයේ අර්ධ ශතකයක් (ලකුණු 58යි පන්දු 75යි හතරේ පහයි) ලැබූ අතර දැවී ගිය එකම කඩුල්ල ලෙස දිලුම් සුධීර තිලකරත්න විසින් මියෙයේ දවාලූවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි.

ලකුණු පුවරුව

කෙන්ට් පළඹු ඉනිම කඩුලු 8ට 595යි – (ඩැරන් ස්ටීවන්ස් 168, ජෝර්ජ් ලින්ඩෙ 107, බිලී මීඩ් නොදැවී 106, හැරී පොඩ්මෝ 56, යසිරු රුද්‍රිගෝ 90/2, ධනංජය ලක්ෂාන් 106/2, උදිත් මධුෂාන් 109/2යි)

ශ්‍රී ලංකා සංවර්ධණ කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 9ට 658 පන්දුවාර 160.3 – (නිශාන් මධුෂ්ක 269, ලසිත් කෲස්පුල්ලේ 136, නුවනිඳු ප්‍රනාන්දු 99, සංතූෂ් ගුණතිලක නොදැවී 58ථ යසිරු රුද්‍රිගෝ 25, ධනංජය ලක්ෂාන් 24, මැක්ස් ලකට් 73/2, ඩැරන් ස්ටීවන්ස් 80/2, ජෝර්ජ් ලින්ඩෙ 126/2යි)

කෙන්ට් දෙවන ඉනිම කඩුලු 1ට 200 පන්දුවාර 48.3යි – (මාකස් ඕ රියෝඩන් නොදැවී 102, ටවන්ඩා මුයෙයේ 58, දිලුම් සුධීර 58/1යි)

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee