slc
Home   |    News
මැයි 24, 2022
ශ්‍රී ලංකා කාන්තාවන්ට පළමු තරගයෙන් කඩුලු 6 ක පරාජයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කරච්චිහිදී අද (24 දා) අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කාන්තාවෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් පමණක් ලබා ගනිද්දී ඒය හඹා ගිය පාකිස්තානු පිතිකාරිණියෝ පන්දු 10 ක් සහ කඩුලු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සුපුරාගත්හ.

ශ්‍රී ලංකා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගැනීමේදී පා දඟ පන්දු යවන ටුබා හසන්ගේ පන්දු යැවීම කැපී පෙනෙණ. 10 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට පැමිණි ටූබා සිය පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 08 කට සීමා කොට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. ඇයගේ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා පිලේ මැද පෙළ සම්පූර්ණයෙන්ම අසරණත්වයට පත්වූවා පමණක් නොව තරගයේ වීරවරිය සම්මානයටද පාත්‍ර වූවාය.

ඉලක්කය හඹා යෑමේදී පාකිස්තානයද මන්දගාමී ආරම්භයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කළින්ම කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය. කෙසේ වෙතත් නිදා දර් සහ බිස්මා මරූෆ් ලකුණු 51 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ජය කණුව කරා රැගෙන ගියහ. ඒහිදී දර් පන්දු 27 කදී ලකුණු 36 ක්ද බිස්මා මරූෆ් ලකණු 28 ක්ද ලබා ගත්හ. පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු වැඩිම පිතිකාරිණිය වූ නායිකා චමරි අතපත්තු අනබ් අමීන්ගේ පන්දුවක් හමුවේ දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 106 යි – (හසිනි පෙරේරා 04, චමරි අතපත්ත 06, හර්ෂිතා මාධවී 25, අනුශ්කා සංජීවනී 16, නිලක්ෂි ද සිල්වා 25, කවීෂා දිල්හාරි 01, ඕෂධී රණසංහ 04, අමා කාංචනා 12, සුගන්ධිකා කුමාරි 06, ඉනෝකා රණවීර 02, අනම් අමීන් 21/3, අයිමන් අන්වර් 32/2, ටුබා හසන් 08/3)

පාකිස්තානු කාන්තා පිල පන්දුවාර 18.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 107 යි – (නිදා දර් 36*, බිස්මා මරූෆ් 28, ඉරාම් ජාවෙඩ් 18, මුනීබා අලී 18, ඕෂධී රණසිංහ 20/2, සුගන්ධිකා කුමාරි 21/1, කවීෂා දිල්හාරි 15/1)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest