slc
logo
Home   |    News
මැයි 23, 2022
සරේ පිල පෙරමුණට

sinhala editor

ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවත්වෙන ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයකට රැස්කළ ලකුණු 372ට පිළිතුරු ලෙස සරේ ප්‍රාන්තය තෙවැනි දින තරගය නිමවනවිට කඩුලු හතක් දැවී ලකුණු 482ක් ලබා සිටියේය.

මේ වන විට සරේ කණ්ඩායම කඩුලු තුනක් ඉතිරිව  ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමට වඩා ලකුණු 110 ක් ඉදිරියෙන් පසුවේ.

 සරේ කණ්ඩායමේ මේ වනවිට පන්දුවට පහර දෙන්නේ අගපෙළ පිතිකරුවන් ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථක පන්දු යවන්නා වන්නේ ලකුණු 127කට කඩුලු හතරක් දවාලු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේ ය.

සරේ ප්‍රථම විකට්ටුවට ආරම්භක පිතිකරුවන් දෙදෙනා බෙන් ගෙඩිස් සහ රයන් පටෙල් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වාර් තා ගත ලකුණු 227ක් රැස්කළේ පන්දුවාර 65.5කදීය.මුලින්ම දැවී ගිය  පිතිකරුවා වූයේ පන්දු 199 කට මුහුණදී  හතරේ 12ක්සහ හයේ පහර හතරක් සමග ලකුණු 126ක්  ලබා සිටී රයන් පටෙල් ය. දුනිත් වෙල්ලාලගේ එවූ පන්දුවකට සංතූෂ් ගුණතිලක උඩපන්දුවක් රැක ගැනීමෙන් පටෙල් දැවීගියේ මුළු ලකුණු 227දීය.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු  30ක් පමණක් එක්වද්දී අනෙක් ආරම්භක පිතිකරු බෙන් ගෙඩිස් (ලකුණු 104) නුවනිඳු ප්‍රනාන්දු එවූ පන්දුවකට ලසිත් කෘස්පුල්ලේට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේ ය.ගෙඩිස් පන්දු 268කට මුහුණදී හතරේ පහර 11ක් සහ හයේ පහරක්ද එල්ල කළේය.

සවස තේ විවේකය වන විට සරේ කණ්ඩායම ශ්‍රී ලංකා ප්‍රථම ඉනිමේ ලකුණු 372 පසුකළේ කඩුලු තුනකට ලකුණු 375ක් රැස් කරමිනි.

 සරේ කණ්ඩායමේ තෙවන කඩුල්ල ලෙස ජේම්ස් ස්මීත් තරුණ ද පන්දු යවන්නා දුනිත් වෙල්ලාලගේ එවූ පන්දුවකට අතිරේක ක්‍රීඩකයාට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ලකුණු 45ක් ලබා සිටියදීය. ඒ වන විට දැවීගිය පිතිකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුම දවාලූවේ 19 හැවිරිදි දුනිත් වෙල්ලාගේය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 9ට 372 යි ( පන්දුවාර 102)  – නිපුන් ධනංජය නොදැවී 150 අවිශ්ක තරිදු 48,දුනිත් වෙල්ලාලගේ 46 ලසිත්  කෘස්පුල්ලේ  32 යසිරු  රුද්‍රිගෝ 17 ,ටොම් ලෝව්ස් 34/3,අමර් විර් දි 67/3

සරේ ප්‍රථම ඉනිම  කඩුලු 7ට කට ලකුණු 482 යි  – රයන් පටෙල් 126, බෙන් ගෙඩිස් 104,ගුස් ඇට්කින්සන් 91, නිකෝ රයිෆර් 68,දුනිත් වෙල්ලාලගේ 127/4, නුවනිඳු ප්‍රනාන්දු 78/2

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee