slc
logo
Home   |    News
මැයි 24, 2022
නැගීඑන – සරේ තරගයේ විසඳුමකින් තොරව අවසන් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම අතෙර ලන්ඩනයේ ගිල්ෆර් ඩ්හි පැවතී සිව්දින ක්‍රිකට් තරගය අද (23) නියමිත වේලාවට පැය භාගයකට පෙර නිමාවට පත්වූයේ විසඳුමකින් තොරවය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිමේ රැස්කළ කඩුලු 9ට ලකුණු 372ට පිළිතුරු ලෙස සරේ ප්‍රාන්තය සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 556ක් රැස් කළේ මුල් ඉනිමේ ලකුණු 184ක් ඉදිරියෙන් සිටිමිනි. තරගය නිමාවට පත්වනවිට ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේදී කඩලු හයකට ලකුණු 290ක් ලබා සරේ මුල් ඉනිමට වඩා ලකුණු 106කින් ඉදිරියෙන් පසුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසෙන විට සරේ මුල් ඉනිමේ වැඩිපුර ලබා සිටී ලකුණු 184 පසු කිරිම මුල්ම කාර් යයක් වුවද ඉදිරිපෙළ ප්‍රබලම පිතිකරුවන් පස් දෙනෙකුම ලකුණු 113ක් වනවිට දැවීයාමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පත්වූයේ අසීරුම තත්ත්වයකටය.

         ප්‍රථම ඉනිමේ ලංකා ගැලවූම්කරු වූ නායක නිපුන් ධනංජය නැවත වතාවක් එම කාර්යයට උරදෙමින් හයවන කඩුල්ලට අවිශ්ක තරිඳු සමග ලකුණු 177ක් රැස් කරමින් තරගයේ ස්වරුපය වෙනස් කළේ ලංකා කණ්ඩායමට සිව්දින තරගාවලිය ගෞරවාන්විතව නිම කිරීමේ අවස්ථාව උදා කරමිනි.

මෙහිදි අවිශ්ක තරිඳු පන්දු108කට මුහුණදී හතරේ 14ක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 103ක් ද නිපුන් ධනංජය පන්දු 114කදී හතරේ හයක් සමග ලකුණු 81ක්ද රැස් කළහ.

මීට අමතරව ආරම්භක පිතිකරු ලසිත් කෘස්පුල්ලේ පන්දු 66කදී ලකුණු 49ක් ද අවිශ්ක පෙරේරා ලකුණු 18ක් ද රැස් කළහ. ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මීළඟ තරග  මේ මස 25,27 සහ 29 දිනවල දි පැවත්වනුයේ 20-20 තරග තුනක් ලෙසිනි.

සරේ සමග තරගයේදී දෙවැනි ඉනිමේදී විශේෂ දක්ෂතා දැක්වූ (නොදැවී 103) 20 හැවිරිදි අවිශ්ක තරිඳු දකුණතින් වේගයෙන් පන්දුවට පහර දෙන මැද පෙළ පිතිකරුවෙකි.

තෙවන දින තරගය නිමාවනවිට කඩුලු 7ක් දැවී ලකුණු 482 ක් ලබා සිටි සරේ කණ්ඩායම අවසාන දිනය වූ අද (23) ඉතිරි පිතිකරුවන් තිදෙනා දැවී තවත් එක්කළේ ලකුණු 74කි. සියලු පිතිකරුවන් දැවී ඔවුන් ලබාගත් ලකුණු 556 රැස් කිරීමට ඔවුන් මුහුණු දුන්නේ පන්දුවාර 164.3කටය

සරේ අගපෙළ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු ලෙස ඩෑන මොරියටි රැස් කළේ ලකුණු 29ක් පමණකි. ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ ලකුණු 143 ක් ලබාදී දවාලු කඩුලු සංඛ්‍යාව පහකි. ඊට අමතරව අම්ෂි ද සිල්වා සහ නුවනිඳු ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවාලූහ.

සරේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා  ප්‍රථම කඩුල්ලේ ලකුණු 227ක සබඳතාවයෙන් පසුව කණ්ඩායමේ කඩුලු දහයම දැවී ගියේ ලකුණු 329ක් එක් වද්දීය ඊට ගුස් ඇට්කින්සන් ලබාගත් ලකුණු 91ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ප්‍රථම ඉනිම කඩුලු 9ට 372 ( පන්දුවාර 102) –  නිපුන් ධනංජය නොදැවී 150, අවිශ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, ටොම් ලෝව්ස් 34/3, අමිර් විර්දි 67/3)

සරේ ප්‍රථම ඉනිම සියල්ල දැවී 556 යි (පන්දුවාර 164.3 යි) – (රයන් පටෙල් 126, බෙන් ගෙඩිස් 104, ගුස් ඇට්කින්සන් 91, නිකෝ රයිෆර් 68, ඩෑන් වොරියටි 29, දුනිත් වෙල්ලාලගේ 143/5, අම්ෂි ද සිල්වා 124/2, නුවනිඳු ප්‍රනාන්දු 78/2)

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවැනි ඉනිම කඩුලු 6ට ලකුණු 290 යි – (අවිශ්ක තරිඳු නොදැවී 103, නිපුන් ධනංජය 81, ලසිත් කෘස්පුල්ලේ 49, අවිශ්ක පෙරේරා 18, බ්‍රෙට් හටන් 32/2, ගුස් ඇට්කින්සන්32/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee