slc
logo
Home   |    News
මැයි 24, 2022
ශ්‍රී ලංකා කාන්තාවන්ට පළමු තරගයෙන් කඩුලු 6 ක පරාජයක්

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් කරච්චිහිදී අද (24 දා) අවසන් වුණු පළමු තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට පාකිස්තානු කාන්තාවෝ සමත්වූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 8 ක් දැවී ලකුණු 106 ක් පමණක් ලබා ගනිද්දී ඒය හඹා ගිය පාකිස්තානු පිතිකාරිණියෝ පන්දු 10 ක් සහ කඩුලු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සුපුරාගත්හ.

ශ්‍රී ලංකා පිල අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගැනීමේදී පා දඟ පන්දු යවන ටුබා හසන්ගේ පන්දු යැවීම කැපී පෙනෙණ. 10 වැනි පන්දුවාරයේ සිට පන්දු යැවීමට පැමිණි ටූබා සිය පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 08 කට සීමා කොට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූවාය. ඇයගේ පන්දු යැවීම නිසා ශ්‍රී ලංකා පිලේ මැද පෙළ සම්පූර්ණයෙන්ම අසරණත්වයට පත්වූවා පමණක් නොව තරගයේ වීරවරිය සම්මානයටද පාත්‍ර වූවාය.

ඉලක්කය හඹා යෑමේදී පාකිස්තානයද මන්දගාමී ආරම්භයක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නියන් කළින්ම කඩුලු 3 ක් දවා ගැනීමට සමත්විය. කෙසේ වෙතත් නිදා දර් සහ බිස්මා මරූෆ් ලකුණු 51 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ජය කණුව කරා රැගෙන ගියහ. ඒහිදී දර් පන්දු 27 කදී ලකුණු 36 ක්ද බිස්මා මරූෆ් ලකණු 28 ක්ද ලබා ගත්හ. පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තාය.

කාසියේ වාසියත් සමඟ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු වැඩිම පිතිකාරිණිය වූ නායිකා චමරි අතපත්තු අනබ් අමීන්ගේ පන්දුවක් හමුවේ දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 106 යි – (හසිනි පෙරේරා 04, චමරි අතපත්ත 06, හර්ෂිතා මාධවී 25, අනුශ්කා සංජීවනී 16, නිලක්ෂි ද සිල්වා 25, කවීෂා දිල්හාරි 01, ඕෂධී රණසංහ 04, අමා කාංචනා 12, සුගන්ධිකා කුමාරි 06, ඉනෝකා රණවීර 02, අනම් අමීන් 21/3, අයිමන් අන්වර් 32/2, ටුබා හසන් 08/3)

පාකිස්තානු කාන්තා පිල පන්දුවාර 18.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 107 යි – (නිදා දර් 36*, බිස්මා මරූෆ් 28, ඉරාම් ජාවෙඩ් 18, මුනීබා අලී 18, ඕෂධී රණසිංහ 20/2, සුගන්ධිකා කුමාරි 21/1, කවීෂා දිල්හාරි 15/1)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee