slc
logo
Home   |    News
මැයි 26, 2022
සරේ පිලට කඩුලු නවයක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම අතර ලන්ඩනයේ ද ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ප්‍රථම 20-20 ක්‍රිකට් තරගයෙන් සරේ ප්‍රාන්ත පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කඩුලු නවයකිනි.

සරේ ප්‍රාන්තය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පැවරූ අතර ලංකා කණ්ඩායම පන්දුවාර 18.5කදී සියලු පිතිකරුවන් දැවී රැස්කළ ලකුණු 106ට පිළිතුරු ලෙස සරේ කණ්ඩායම පන්දුවාර 9.4කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් රැස් කරමින් පහසු ජයග්‍රහණය වාර්තා කළේය. ඒම ජයග්‍රහණය සරේ පිල ඉදිරියෙන් වාර්තා වන විට ඉනිමේ තවත් පන්දු 62ක් ඉතිරිව තිබිණ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු රැස් කිරීමේ වේගය පන්දුවාරයකට ලකුණු 5.62ක් වු අතර සරේ කණ්ඩායමේ ලකුණු රුස් කිරීමේ වේගය පන්දුවාර 9.4කී.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලසිත් කෘස්පුල්ලේ (06) නිපුන් ධනංජය (02) සහ අංක තුන පිතිකරු නිශාන් මධුශ්ක ( 03) මුළු ලකුණු 19ක් වන විට දැවී යාමත් සමග නැවත තරගයට අවතීර් ණවීමට ලංකා කණ්ඩායම අසීරු කාර්යයක් විණි.

අංක හත පිතිකරු අෂේන් බණ්ඩාර පන්දු 34කට මුහුණදී හතරේ තුනක් සමග ලකුණු 33ක් ද නායක ධනංජය ලක්ෂාන් පන්දු 21කදී හතරේ හතරක් සමග ලකුණු 27ක් ද ලැබූහ.ලංකා කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ සිව්වන කඩුල්ලට ධනංජය ලක්ෂාන් සහ නුවනිඳු ප්‍රනාන්දු  එක් කළ ලකුණු 28 ය.

මෙම තරගයට සරේ කණ්ඩායම ඔවුනගේ දක්ෂතම පළමු ශ්‍රේණියේ කණ්ඩායම ඉදිරිපත් කර සිටි අතර ඔවුනගේ ආරම්භක පිතිකරු වූයේ එංගලන්තයේ සීමිත ඕවර ආරම්භක පිතිකරු ජේසන් රෝයි ය. සරේ කණ්ඩායම වෙනුවෙන් විල් ජැක්ස් නොදැවී 58ක් ද ඔලී පොප් නොදැවී 31ක් ද රැස් කළහ. ජේසන් රෝයි ලකුණු 11ක් ලබා සිටියදී උදිත් මධුෂාන්ගේ පන්දුවකට නුවනිඳු අතට  උඩපන්දුවක් දීමෙන් දැවී ගියේ ය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 13.5කදී සියල්ල දැවී 106 යි  – අෂේන් බණ්ඩාර 33, ධනංජය ලක්ෂාන් 27, රීස් ටොප්ලි 13/3, සෑම් කරන් 21/2, ජෙමී ඔවර්ටන් 8/2

සරේ පන්දුවාර 9.4කදී කඩුලු 1ක් දැවී ලකුණු 111 යි – ඔලී පෝප් නොදැවී 31, විලී ජැක් නොදැවී 58, ජේසන් රෝයි 11, උදිත් මධුෂාන් 37/1.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar