slc
Home   |    News
ජූනි 5, 2022
අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා නිසා ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්

sinhala editor

පන්දුවට පහර දෙමින් ලකුණු 101 ක් සහ පන්දු යවමින් කඩුලු 2 ක් දවා ලමින් නායිකාවකගේ වගකීම අකුරටම ඉටු කිරීමට චමරි අතපත්තු සමත්වීම නිසා පාකිස්තානු කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙල් ලකුණු 93 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (05 දා) පස්වරුවේ සමත්විය. මෙම තරගය ශ්‍රී ලංකාව ජය ගත්තද තරගාවලියේ පළමු තරග 2 ජය ගැනීමට සත්කාරක පාකිස්තානු ක්‍රීඩිකාවන් සමත්වීම නිසා තරගාවලියේ ජය 2-1 ක් ලෙස පාකිස්තානයට හිමිවිය.

අයි.සී.සී. ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේදී පාකිස්තානු පිලට ප්‍රසාද ලකුණු 4 ක් හිමිවද්දී ශ්‍රී ලංකාවට ලකුණු 2 කින් සෑහීමකට පත්වීමට සිදුවිය.

මෙතෙක් තරගාවලියේ ශ්‍රී ලංකාව ලද එකම ජයග්‍රහය ලෙසින් සටහන් වුණු අත තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 260 ක් ලබා ගැනීමට සමත්විය. දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම වෙනුවෙන් සිය එක්දින තරග දිවියේ 6 වැන ශතකය වාර්තා කරගත් චමරි අතපත්තු, ස්ටම්ප් කිරීමකට හසුව දැවී යන විට සිය ඉනිම සඳහා පන්දු 85 කට පමණක් මුහුණ දී තිබුණි. ඊට හයේ පහරක් සහ හතරේ පහර 13 ක් ද එල්ල කර තිබිණ.

නායිකාවට අනගි සහායක් ලබා දුන් උප නායිකා හර්ෂිතා මාධවී පන්දු 128 කට මුහුණ දෙමින් ලකුණු 75 ක් ලබා ගත්තාය. මොවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 173 කදී ලකුණු 152 ක් විය. තරගාවලිය පුරා ලකුණු අතර සිටි කවීෂා දිල්හාරි පන්දු 44 කදී ලකුණු 28 ක් ලබා ගනිද්දී නිලක්ෂි සිල්වා පන්දු 18 කදී ලකුණු 24 ක් ලබා ගැනීමට සමත්වූවාය.

ලකුණු 261 ක ඉලක්කය හඹා යෑමේදී කඩුලු 4 ක් ලකුණු 07 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නනියන් සමත්වීම නිසා සත්කරක කණ්ඩායමට ඉලක්කය හඹා යෑම අසීරුවිය. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඔමයිමා සොහෙල් සහ ආලියා රියාස් එක්ව ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට සමත්වුවත් එය ශ්‍රී ලංකා ජයග්‍රහණය වළකාලීමට ප්‍රමාණවත් නොවීය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිනියන් දෙදෙනා වූ සොහෙල් පන්දු 61 කදී ලකුණු 40 ක්ද රියාස් පන්දු 82 කදී ලකුණු 56 ක් ද ලබා ගැනීමට සමත්වූහ. පන්දුවට පහර දීමට අමතරව පන්දු යැවීමේදීද ප්‍රතිවාදී පිලේ කඩුලු 2 ක් දවා ගත් නායිකා චමරි අතපත්තු තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 260 යි – චමරි අතපත්තු 101, හර්ෂිතා මධවී 75, කවීෂා දිල්හාරි 28, නිලක්ෂි ද සිල්වා 24*, ෆාතිමා සානා 51/2, අනාම් අමීන් 43/2

පාකිස්තානය පන්දුවාර 41.4 කදී සියලු දෙනා දැවී ලකුණු 167 යි – ඔමයිමා සොහෙල් 40, ආලිය රියාස් 56, චමරි අතපත්තු 20/2, ඕෂදී රණසිංහ 29/2

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest