slc
logo
Home   |    News
ජූනි 10, 2022
අභිමානවත් ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තෙවැන්න ජුනි 31 වැනිදා ඇරඹෙයි

sinhala editor

ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාව තවත් පියවරක් ඉදීයට තබමින් සංවිධානය කරන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිග හැරුම ලබන ජුලි 31 වැනදා සිට ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කොට තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. ජුලි 31 වැනිදා ආරම්භ වන තරගාවලිය අගෝස්තු 21 දක්වා වූ කාල සීමාවේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විස්සයි-20 තරගාවලිය ලෙසින් බොහෝ දෙනා බලා සිටි LPL ජාත්‍යන්තර ෆ්‍රැන්චයිස් තරගාවලිවල රසය රැගෙන මෙවරත් කොළඹ ආර් ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. පෙර තරගාවලියේ පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර මූලික වටයේ තරග සියල්ලම කොළඹදීද අවසන් වටයේ තරග හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

“ලොව අනෙක් විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවලි පරිදිම හොඳින් ආරම්භ වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සංවිධානය කිීමට හැකිවීම ගැන අපි අතිශයින්ම සතුටට පත් වෙනවා” යැයි තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.

මෙවර තරගාවලියද ඉකුත් තරගාවලිය පරිදිම තරග 24 කන් සමන්විත වන අතර දෙස් විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. තරගාවලියේ මූලිකම අංගය වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම නුදුරේදීම ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee