slc
Home   |    News
ජූනි 23, 2022
ඉන්දීය කාන්තාවෝ අපරාජිත භාවය රැක ගනිති

sinhala editor

Chamila Karawita reporting from Rangiri Dambulla

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ නිජ බිමේදී තවමත් එකම විස්සයි-20 තරගයක් පරාජයට පත්ව නොමැති ඉන්දීය කාන්තා කණ්ඩඩායම අද (23 දා) එම වාර්තාව තව දුරටත් ඉදිරියට රැගෙන ගියේ පළමු විස්සයි-20 තරගය ලකුණු 34 කින් ජය ගනිමිනි. තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (23 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේ ජයත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දීය කාන්තා පිල සමත්විය.

ප්‍රබල පිතිකාරිණියන් රැසකගෙන් සමන්විත ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 138 ක් තරම් අඩු ලකුණු සංඛ්‍යාවකට රඳවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත් ඉලක්කය හඹා යෑමේදී අවශ්‍ය වේගය රඳවා ගැනීමට පිතිකාරිණියන් අසමත්වීම නිසා නියමිත පන්දුවාර 20 අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 5 කට ලකුණු 104 ක් ලෙසිනි.

ලකුණු 27 ක් වන විට නායිකා චමරි අතපත්තු මෙන්ම උප නායිකා හර්ෂිතා මාධවීගේ කඩුලු 2 පන්දු 3 ක් ඇතුළතදී දවා ගැනීමට රාධා යාදව් සමත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය එල්ල විය. එතැන් පටන් ග්‍රහණය තර කර ඉන්දීය පන්දු යවන්නියෝ තරගයේ පාලනය අතට ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කවීෂා දිල්හාරි හුදෙකලා සටනක නිරත වෙමින් පන්දු 49 කදී ලකුණු 47 ක් රැස් කළේය. ශ්‍රී ලංකා ඉනිමෙන් එකම හයේ පහරක් හෝ වාර්තා නොවීමද ගැපී පෙනිණ. සමස්ථ ඉනිමට හතරේ පහර 12 ක් පමණක් වාර්තා වුණු අතර ඉන් 6 ක්ම කවීෂා දිල්හාරිගේ පිත්තෙන් එල්ල වුණු ඒවා විය.

කාසියේ වාසියත් සමඟ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ ස්ම්‍රිත්‍රි මන්දනා සහ සබබානි මීගනාව පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට ඔ්ෂධී රණසිංහ සමත්වූවාය. ඒ සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය පිළිබඳ වැඩි විශ්වාසයක් ගොඩ නැඟුණත් ජිමයිමා රොඩ්‍රිගස් මැද පෙළි පැමිණ නොදැවී රැස් කරන ලද ලකුණු 36 ත් ප්‍රධාන කොට ඉන්දීය ඉනිම සටනක් දිය ලකුණු සංඛ්‍යාවක් කරැ යෑමට හැකියාව ලැබිණ. ඉන්දීය අවසන් පන්දුවාරය යැවී කවීෂා දිල්හාරිට නොසෑහෙන පහර දුන් දීප්ති ෂර්මා පිට පිට හතරේ පහර 4 ක්ද අවසන් පන්දුවට රොඩ්‍රිගස් එල්ල කරන ලද හයේ පහරත් නිසා ශ්‍රී ලංකා ඉලක්කය තවත් ලකුණු 20 කින් ඉහළ ගියේය.  ඉන්දීය ලකුණු සංඛ්‍යාව වේගවත් කිරීම වෙනුවෙන් දීප්ති ෂර්මා පන්දු 8 කදී ලකුණු 17 ක් ලබා ගත්තේ තම ඉනිම නොබිඳීව තබා ගනිමිනි.

තරගයේ වීරයා – ජෙමිමා රොඩ්‍රිගස්

ඉන්දියානු කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 138 යි – (ශෆාලි වර්මා 31, හර්මන්ප්‍රීට් කෞවුර් 22, ජෙමිමෘ රොඩ්‍රිගස් 36, රිෂා ගෝෂ් 11, පූජා වස්ත්‍රකාර් 14, දීප්ති ෂර්මා 17*, ඉනෝකා රණවීර 30/3, ඔෂදී රණසිංහ 22/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 104 යි – (කවීෂා දිල්හාරි 47*, හර්ෂිතා මාධවී 10, චමරි අතපත්තු 16, අමා කංචනා 11, අනුෂ්කා සංජීවනී 10*, රාධා යාදව් 22/2)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest