slc
logo
Home   |    News
ජූනි 20, 2022
ඉන්දීය පිලට එරෙහි තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල නම් කරයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 සහ එක්දින තරගාවලි සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරගාවලි ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනු ඇත.

2018 ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයෙන් අනතුරුව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ සිය පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්වී පාර්ශවික තරගාවලියකට ශ්‍රී ලංකාවේදී සහභාගිව ඇත්තේ මීට වසර 4 ක පෙර හෙවත් 2019 වසරේ මුල් භාගයේදී වේ. අනතුරුව කොවිඩි වෛසරයේ බලපෑම හේතුවෙන සෑම රටකටම ජාත්‍යන්තර කාල සටහන තාවකාලිකව අවලංගු කෙරිණ.

ඉකුත්දා පාකිස්තානයේ තරග සංචාරයක නිරත ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු මෙවර තරගාවලිය සඳහා එක් කිරීමට තේරීම්වලදී පියවර ගෙන තිබේ. ඒ අතරම එම තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩිකාවන් කීප දෙනෙකු වෙනුවට අලුතින් ක්‍රීඩිකාවන් කීප දෙනෙකු කණ්ඩායමට එකතුවී සිටින අතර ඒ අතර තවමත් පාසල් වයසේ පසුවන ක්‍රීඩිකාවක් වන විශ්මි ගුණරත්නද කණ්ඩායමට එකතුවී සිටියි.

අ.පො.සාමාන්‍ය පෙළ විභාගයට සහභාගිවීම හේතුවෙන් අවසන් වරට ශ්‍රී ලංකා පිල සහභාගිවුණු  පාකිස්තානු තරග සංචාරය සඳහා සහභාගිවීමේ අවස්ථාව විශ්මිට අහිමිවිය. විශ්මිට අමතරව කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩිකාවන් අතර රත්නාවලී බාලිකා විදුහලේ තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන රශ්මි ද සිල්වා සහ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂානි නුත්‍යාංගනාව ජාතික කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කඩුලු රකින්නියක ලෙස නුත්‍යාංගනා කණ්ඩායමට එක් වද්දී කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨ කඩුලු රකින්නිය වන ප්‍රසාදිනී වීරක්කොඩිට කණ්ඩායමේ ස්ථානය අහිමිවීම කැපී පෙනෙයි.

මේ අතර පාකිස්තානු තරග සංචාරයට සහභාගිවුණු සචිනි නිසංසලාට කණ්ඩායමේ ස්ථානය අහිමිවද්දී කණහිසේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් ඉමේෂා දුලානිට ඉන්දියාවට එරෙහි තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව මඟහැරී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම –

1. චමරි අතපත්තු (නායිකාව)

2.  හසිනි පෙරේරා

3. කවීෂා දිල්හාරි

4. නිලක්ෂි ද සිල්වා

5. අනුෂ්කා සංජීවනී

6. ඕෂදී රණසිංහ

7. සුගන්දිකා කුමාරි

8. ඉනෝකා රණවීර

9. අචිනි කුලසූරිය

10. හර්ෂිතා සමරවික්‍රම

11. විශ්මි ගුණරත්න

12. මල්ෂා ෂෙහානි

13. අමා කාංචනා

14. උදේශිකා ප්‍රබෝධනී

15. රෂ්මි ද සිල්වා

16. හංසිමා කරුණාරත්න

17. කෞෂානි නුත්‍යාංගනා

18. සත්‍යා සංදීපනී

19. තාරිකා සෙව්වන්දි

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee