slc
logo
Home   |    News
ජූනි 7, 2022
ඔස්ට්‍රේලියානු ‘ඒ’ පිලට එරෙහි සටනේ නායකත්වය ධනංජයට සහ කමිඳුට

sinhala editor

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව පැවැත්වෙන ඔස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමේ මෙරට තරග සංචාරය සඳහා වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ. එක්දින සහ සිව්දින වශයෙන් ප්‍රකාශයට පත් කර සිටින මෙහි ඒක්දින කණ්ඩායමේ නායකයා ලෙස ධනංජය ද සිල්වාද සිව්දින තරගාවලයේ නායකයා ලෙස කමිඳු මෙන්ඩිස්වද පත් කර තිබේ.

මෙම තරගාවලිය සඳහා ඒක්දින තරග 2 ක් සහ සිව්දින තරග 2 ක් ඇතුළත් වන අතර එක්දින තරගාවලිය හෙට (08 දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

එක්දින කණ්ඩායම – ධනංජය ද සිල්වා (නායක), නිරෝෂන් දික්වැල්ල, ළහිරු උදාර, ලසිත් කෲස්පුල්ලේ, ඕෂධ ප්‍රනාන්දු, පබසර වඩුගේ, කමිඳු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, ජනිත් ලියනගේ, සහන් ආරච්චිගේ, පුලින තරංග, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මදුශාන්, නිශාන් මදුශ්ක, අෂේන් ඩැනියෙල්, නිසල තාරක, ශිරාන් ප්‍රනාන්දු (ආබාධයක් නිසා ක්‍රීඩා නොකරයි)

සිව්දින කණ්ඩායම – කමිඳු මෙන්ඩිස් (නායක), මිනෝද් භානුක, පබසර වඩුගේ, නිපුන් ධනංජය, නිශාන් මදුශ්ක, නුවනිදු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, ළහිරු උදාර, අවිෂ්ක තරිඳු, සහන් ආරච්චි, නිසල තාරක, සංතුෂ් ගුණතිලක, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්, උදිත් මදුශාන්, ප්‍රභාත් ජයසූරිය, සුමින්ද ලක්ෂාන්, ලක්ෂිත රසාංජන, ජෙෆ්රි වැන්ඩර්සි, අම්ෂි ද සිල්වා, ශිරාන් ප්‍රනාන්දු (ආබාධයක් නිසා ක්‍රීඩා නොකරයි)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest