slc
logo
Home   |    News
ජූනි 23, 2022
කාන්තා තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව

sinhala editor

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (23 දා) ඇරැඹි තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ප.ව. 2.00 ට ආරම්භ වන දෙරට අතර පළමු විස්සයි-20 තරගය නැරඹීමට කැමැති ක්‍රීඩා ලෝලීන් ප්‍රධාන මාර්ගය හරහා වන ප්‍රධාන දොරටුවෙන් ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව උදාවී තිබේ.

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර අනතුරුව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ද නොමිලේ  නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදාවනු ඇත.

දෙවැනි විස්සයි-20 තරගය ජුනි 25 වැනිදාත් තෙවැන්න ජුනි 27 වැනිදාත් පැවැත්වීමෙන් අනතුරුව ජූලි පළමු වැනිදා එක්දින තරගාවලිය පල්ලකැලේදී ආරම්භ වනු ඇත. එම දෙවැනි තරගය ජූලි 04 සහ අවසන් එක්දින තරගය ජූලි 07 වැනිදා පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar