slc
Home   |    News
ජූනි 5, 2022
බදුරලිය ජයගනිද්දී ගාල්ල-කලුතර තරගය සමවෙයි

sinhala editor

එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද ( 05) පැවති අන්තර් සමාජ ප්‍රධානතම 20-20 තරග දෙකකදී බදුරලිය ලකුණු 21කින් ලන්කන් පරාජයට පත් කළ අතර ගොල්  සහ කලුතර නගර අතර තරගය ලකුණු සමව අවසන් විණ. ඒම තත්ත්වය මත දෙපිළටම ප්‍රසාද ලකුණු සමසේ බෙදිණි.

බදුරලිය ලන්කන් තරගයේදී බදුරලිය කඩුලු 7කට ලබාගත් ලකුණු 118 ට පිළිතුරු ලෙස  ලන්කන් කඩුලු 7ක් දැවී රැස් කළේ 97කී. අයහපත් කාලගුණය මත ගොල් – කලුතර නගර තරගය  කණ්ඩායමකට පන්දුවාර හය බැගින් ලැබෙන සේ පැවති අතර කණ්ඩායම් දෙකම පන්දුවාර හය අවසානයේ කඩුලු 9 බැගින් දැවී රැස් කළේ ලකුණු තිහ බැගිනි.

ගෝල්කලුතර නගර තරගය සමවේ

එන්.සී.සී ක්‍රීඩංගණයේ පැවති මේ තරගය ක්‍රිඩාංගණයේ අයහපත් තත්ත්වය මත කණ්ඩායමකට පන්දුවාර හය බැගින් ලැබෙන පරිදි පැවත් වූ කණ්ඩායම් දෙකම පන්දුවාර හය අවසානයේ කඩුලු 9ටකට ලකුණු 30 බැගීන්  ලබා සිටි හෙයින් තරගය නිමාවූයේ සමවූ තරගයක් ලෙස ප්‍රතිඵලයකිනි. කලුතර නගර කණ්ඩායමේ ඉන්සික සිරිවර්ධන ලකුණු පහකට කඩුලු පහක් දවා පසුව ලකුණු හයක් රැස් කරමින් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. කලුතර නගර කණ්ඩායමට වැඩිම ලකුණු අත් වූයේ අතිරේක ලකුණු අටකිනි. පිත්තෙන්  වැඩිම ලකුණු රැස්කළ අභීෂේක් ආනන්දන් ලකුණු හතක් ලැබීය.

ගෝල් පන්දුවාර හයකදී කඩුලු 9ට 30 ලකුණු යි – (කව්සිත කොඩිතුවක්කු 12, හර්ෂජිත් රුෂාන් 07, ඉන්සික සිරිවර්ධන 5/5 , තරිඳු සිරිවර්ධන 12/2 යි)

කලුතර නගර කන්ඩායම පන්දුවාර හයකදී කඩුලු 9ට ලකුණු 30 – අභිශේක් ආනන්ද කුමාර් 07, ඉන්සික සිරිවර්ධන 06, හරින් බුද්දිල 7/3, සඳුන් මධුශංඛ 10/2

බදුරලියට ලකුණු 21 ක ජයක්

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේදී බදුරලිය කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු ලකුණු 22ක් රැස් කර පසුව ලකුණු 19කට කඩුලු  තුනක් දවා තුන් ඉරියව්වේම පෙන් වූ දක්ෂතා මුල්කර ගනිමින් මේ තරගයෙන් බදුරලියට පහසු ජයක් අත් වූයේ ලකුණු 21කිනි.

ලන්කන් ලකුණු 119 ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනා ශෂීන් ප්‍රනාන්දු (19) සහ සදීෂ ජයවර්ධන ( 15) ප්‍රථම කඩුල්ලට පන්දුවාර 6.3කදී ලකුණු 40ක් රැස් කළත් සෙසු පිතිකරුවනට එම වේගය තබා ගැනීම නොහැකිවීමෙන් පරාජයට පත්විණි.

බදුරලිය කඩුලු පන්දුවාර 20 කදී කඩුලු 7 ට ලකුණු 118 යි – මළිඳු මධුරංග 23, මිතිර තෙනුර 22, අනුක් ප්‍රනාන්දු 22, ළසිඳු අරෝෂ නොදැවී 21, මිරන්ග වික්‍රමගේ 18/3, රජීව වීරසිංහ 14/2)

ලන්කන් පන්දුවාර 20කදී කඩුලු 7ට ලකුණු 97 යි – ශෂීන් ප්‍රනාන්දු 19, මෙත්සිත් ජයමාන්න 16, සදීෂ ජයවර්ධන 15, දේවින්ද් පත්මනාදන් නොදැවී 10, අනුක් ප්‍රනාන්දු 19/3, ලක්මාල් ද සිල්වා 15/2.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest