slc
logo
Home   |    News
ජූනි 14, 2022
මැයි මාසයේ ක්‍රීඩකයා ‘ඇන්ජලෝ මැතිව්ස්’

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මැයි මසට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇනජලෝ මැතිව්ස් නම් කර තිබේ. බංග්ලාදේශයට ඒරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස හිටපු ශ්‍රී ලංකා නායකයාව නම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු තරග සංචාරයට පෙර පැවැති එම බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට් තරග 2 ට ම ක්‍රීඩා කළ මැතිව්ස් මුලු ලකුණු 344 ක් රැස් කර ගැනීමට සමත්වූවේ ඉනිමක ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය 172 ක් රඳවා ගනිමිනි. චැටෝග්‍රෑම්හි පැවැති ටෙස්ට් තරගයේදී මැතිව්ස්  ද්විත්ව ශතකයට ලකුණක් හෙවත් ලකුණු 199 දී දැවී ගියේය. ඒහෙත් ඉන් නොනැවතුණු හේ දෙවැනි ටෙස්ට් තරගයේදී නොදැවී කුණු 145 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

2021 වසරේ ජනවාරි මස සිට මාසයේ ක්‍රීඩකයා තේරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. මැතිව්ස්ට මෙම අවස්ථාව හිමිවද්දී බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් සහ ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු ඒම සම්මානය සඳහා නිර්දේශව සිටියහ.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee