slc
Home   |    News
ජූනි 29, 2022
ශ්‍රී ලංකාව පළමු ඉනිම 212 න් නවතියි

sinhala editor

ආරම්භයේ සිටම පිතිකරුවන් අතර ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමට අවස්ථාව ලබා නොදුන් ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ දිනයේ තවත් පන්දුවාර 29 ක් යැවීමට ඉතිරි තිබියදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 212 කට නවතාලීමට අද (29 දා) සමත්වූහ.

තේ පානයෙන් මද වේලාවකට පසු ශ්‍රී ලංකා ඉනිම හමාර වන විට දැවී ගිය කඩුලු 10 න් 8 ක්ම දඟ පන්දු යවන්නන් වූ නේදන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන් දවා ගැනීමට සමත්වූහ. මොවුන් දෙදෙනා අතරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු පිට දඟ පන්දු යවන ලයන්, ලකුණු 90 ක් ඇතුළත ශ්‍රී ලංකා පිතිරුවන් 5 දෙනෙකු දවා ගනිද්දී ස්වෙප්සන් ලකුණු 55 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 2011 වසරේදී ගාල්ලේදී ටෙස්ට් වරම් දිනාගත් නේදන් ලයන් පළමු ඉනිමේ කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූවා සේම ඊට වසර 11 කට පසු ගාල්ලේ පැවැති තරගයේදී යළිත් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම කැපී පෙනිණි. එදා යවන ලද පළමු පන්දුවේදීම ලොව අංක 1 ටෙස්ට් පිතිකරුවා බවට පත්ව සිටි කුමාර් සංගක්කාරගේ කඩුල්ල දවා ගැනීමට ගනිමින් වාර්තා පොත් අතරට සිය නම ඇතුළත් කර ගැනීමට සමත්වූ පිට දඟ පන්දු යවන්නා අද සිය 109 වැනි තරගයට ක්‍රීඩා කරද්දී සිය පෞද්ගලික කඩුලු සංඛ්‍යාව 427 දක්වා ඉහළ දමා ගෙන සිටියි.

දිවා ආහාරයෙන් පසු ඇරැඹී තරගයේදී දිමුත් කරුණාරත්න දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. ලයන්ගේ ගොදුරක් වෙමින් දිමුත් දැවී යෑමත් සමඟ ලකුණු පුවරුවට ලකුණු 69 ක් එකතුවන අතර වාරයේදී කඩුලු 4 ක් දවා ගනිමින් පීඩනය තර කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.

අනතුරුව නිරෝෂන් දික්වැල්ල ට එක්වූ රමේෂ් මෙන්ඩිස් 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාවයේ ගොඩ නංවන ලද ලකුණු 54 ක සම්බන්ධතාව වැඩිම ලකුණු සම්බන්ධතාව ලෙසින් සටහන් විය. මැතිව්ස් සහ දික්වැල්ල අතර වූ පස්වැනි කඩුල්ලේ ලකුණු 42 හැරුණු කොට ශ්‍රී ලංකා ණ්ඩායමේ කිසිම පිතිකරුවකු ස්ථාවරත්වයක් පෙන්නුම් කිරීමට අපොහොසත් වූහ.

50 වැනි ටෙස්ට්  තරගය බවට අද තරගය පත්වීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් සිය ටෙස්ට් තොප්පිය ලබා ගත් දික්වැල්ල නිර්භිත පිතිහරඹයක නියැළෙමින් සුභදායී තත්ත්වයක් පෙන්නුම් නොකළ ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යෑමේ පෙරමුණ ගනු ලැබුවේ සිය 21 වැනි අර්ධ ශතකයට හිමිකම් කීයමිනි. කඩුලු ත්‍රිත්තවයක් අභිමුවදී පන්දුවට පහර දීමට පැමිණි කඩුලු රකින දකුණත් පිතිකරුවා තමන් සතු ස්වීප්, රිවර් ස්වීප්, ස්ලොග් ස්වීප් පහර එල්ල කරමින් මුහුණ 42 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත්තේය.

මොවුන් දෙදෙනාගේ සබඳතාව ප්‍රධාන කොට තේ පානය සඳහා තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 191 ක් දක්වා ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යෑමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැක කේරි අතට උඩ පන්දුවක් දී දික්වැල්ල දැවී යන විට පන්දු 59 කදී ලකුණු 58 ක් රැස් කරගෙන සිටියේය. ඔහුට අනගි සහසායක් ලබා දුන් මෙන්ඩිස් ලකුනු 22 ක් ලබා ගනිද්දී ඉන්මේ එකම හයේ පහර ලසිත් ඇඹුල්දෙණිය විසින් එල්ල කළේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 59 කදී සියලු දෙනා දැවී ලකුණු 212 යි – (නිරෝෂන් දික්වැල්ල 58, රමේෂ් මෙන්ඩිස් 22, පැතුම් නිස්සංක 23, දිමුත් කරුණාරත්න 28, ඇන්ජලෝ මැතිව්ස් 39, ධනංජය ද සිල්වා 14, නේදන් ලයන් 90/5, මිචෙල් ස්වෙප්සන් 55/3)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest