slc
Home   |    News
ජූනි 21, 2022
සුපිරි පළාත් තරගාවලියේ පළමු ශතකය හසිත අමරසිංහගෙන්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට දක්ෂයින් තෝරා ගැනීමේ අභිලාෂයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ සුපිරි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක දිනයේදී කොළඹ පළාත් නියෝජනය කරමින් තරග වැදි දකුණු සහ උතුරු කණ්ඩායම් සමත්විය.

කොළඹ දකුණ, කොළඹ උතුර, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම් 5 සහභාගිතවෙයන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කොළඹ දකුණ කණ්ඩායම විසින් මහනුවර කණ්ඩායම ලකුණු 134 කින්ද කොළඹ උතුර කණ්ඩායම විසින් ගාල්ල කණ්ඩායම කඩුලු 5 කින්ද පරාජයට පත් කිරීමට සමත්වූහ.

පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී ගාල්ල කණ්ඩායමේ හසිත අමරසිංහ තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්වීම කැපී පෙණින. මාතර ශාන්ත සර්වේෂස් විදුහල නියෝජනය කරනු ලබන හසිත, පන්දු 54 කදී ලකුණු 102 ක් ලබා ගනිමින් පිතිකරණයෙන් කැපී පෙනිණ. හයේ පහර 7 කින් සහ හතරේ පහර 12 කින් වර්ණවත් වුණු හසිතගේ ඉනිමට අමරව තරිඳු නිර්මාල් පන්දු 44 කදී වේගවත් ලකුණු 51 ක් රැස් කිරීමට සමත්වුවත් සෙසු පිතිකරුවන්ගේ දායකත්වයක් නොමැතිවීම මත එම තරගයෙන් කඩුලු 5 ක පරාජයක් ලැබීමට ගාල්ල කණ්ඩායමට සිදුවිය. ගාල්ල කණ්ඩායම විසින් රැස් කරන ලද ලකුණු 203 න් ලකුණු 153 ක්ම මොවුන් දෙදෙනා විසින් වාර්තා කළ අතර සෙසු සියල්ලෝම රැස් කරන ලද්දේ ලකුණු 51 ක් පමණි.

ජයග්‍රාහී ඉනිම වෙනුවෙන් අන්ජල බණ්ඩාර පන්දු 56 කදී නොදැවී ලකුණු 53 ක් ද මිනෙත් ප්‍රේමරත්න ලකුණු 47 ක් සහ තරෂ නෙත්සර ලකුණු 40 ක් ද ලබා ගත්හ.

අවසන් වරට පැවැති වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයන් වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අනෙක් තරගය වූ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කොළඹ දකුණු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත් ලකුණු 252 ට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම පන්දුවාර 32.3 ක් අවසනදී රැස් කරගැනීමට සමත්වූයේ ලකුණු 118 ක් පමණි.

කොළඹ උතුරු කණ්ඩායම වෙනුවෙන් @ පන්දු 64 කදී ලකුණු 52 ක් රැස් කරමින් පිත්තෙන් දස්කම් දක්වද්දී වනුජ සහන් ලකුණු 26 කට කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

දිස්ත්‍රික් මට්ටමින් පෑවති තරගාවලියෙන් අනතුරුව මෙම සුපිරි පළාත් තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් තෝරා ගනු ලැබූ අතර එළැඹෙන අගෝස්තු මසදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ දී සහභාගිවීමට නියමිත තරග සංචාරය සඳහා වන තේරීම් මෙම තරගාවලියේ දක්ෂතා අනුව සිදුකිරීමට නියමිතය.

කොළඹ උතුරු කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

ගාල්ල කණ්ඩායම පන්දුවාර 29.4 කදී සියලු දෙනා දැවී ලකුණු 206 යි – හසිත අමරසිංහ 102, තරිඳු නිර්මාල් 51, පවන් සංදේශ් 13, විනුජ රන්පුල් 38/3, දුවිඳු රණතුංග 46/2, ඉරෝෂ් සිල්වා 33/3, රවීන් ද සිල්වා 52/2

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 39 කදී කඩුලු 5 ට ලකුණු 209 යි – (අන්ජල බණ්ඩාර 53*, මිනෙත් ප්‍රේමරත්න 47, නෙත්ම කරුණාරත්න 30, තරුෂ නෙත්සර 40, දුලාජ් සමුදිත 30/2, මල්ෂ තරුපති 42/2)මු

කොළඹ දකුණ කණ්ඩායමට ලකුණු 134 ක ජයක්

කොළඹ දකුණ කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 252 යි – සකුණ ලියනගේ 36, ළහිරු දවටගේ 52, සිනෙත් ජයවර්ධන 15, තරිදු අමරසිංහ 32, තිසර වික්‍රමසිංහ 35, දනාල් හේමානන්ද 17, සහන් මිහිර 17, කැනිස්ටර් ගුණරත්නම් 23*, ට්‍රෙවීන් මැතිව් 46/3, ළහිරු අබේසිංහ 30/2, විභවජිත් ඇලේලේපොල 44/3)මහනුවර කණ්ඩායම පන්දුවාර 32.3 කදී ලකුණු 118 යි – පවන් පතිරාජ 18, අක්‍රම් මුතාලිබ් 22, අසිත වන්නිනායක 13, රහල් අමරසිංහ 12, වනුජ සහන් 26/5,සදීෂ රාජපක්ෂ 18/3)

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest