slc
Home   |    News
ජූනි 27, 2022
සුපිරි පළාත් තරගාවලියේ ‌කොළඹ උතුර – දකුණ ගැටෙති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 19 න් පහළ සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසකම් ලබා ගැනීමට කොළඹ උතුර සහ දකුණ කණ්ඩායම් සමත්ව සිටියි.

මූලික වටයේ සහභාගිවූ තරග 4 න් 3 ක ජය වාර්තා කොට කොළඹ උතුරු පිල අවසන් මහ තරග වරම් දිනා ගනිද්දී කොළඹ දකුණ කණ්ඩායම තරග 2 ක් ජය ගනිමින් අවසන් මහ තරග අවස්ථාව විවර කරගෙන තිබේ.

‌මූළික වටය යටතේ දෙපිළ මුණ ගැහුනු අවස්ථාවේදී ජය ගැනීමට කොළඹ උතුර කණ්ඩායම සමත්වීම කැපී පෙනෙයි. මෙවර තරග වාරයේ කොළඹ උතුරු කණ්ඩායම ලද එකම පරාජය වූයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලද ලකුණු 18 ක තරග පරාජය වේ.

තරගාවලියේ මූලික වටයේ පැවැති තරග වල ලකුණු සාරාංශය පහත දැක්වේ.

දඹුල්ල – කොළඹ උතුර

දඹුල්ලට ලකුණු 18 ක ජයක්

දඹුල්ල පන්දුවාර 44 කදී ලකුණු 161 යි – මතීෂ වීරසිංහ 35, රිෂී අධිෂ්ඨාන් 25, ෂෙනොල් අප්පුහාමි 21, ෂෙරොන් ප්‍රනාන්දු 24/4, රවීන් ද සිල්වා 37/2, කවිඳු ආමන්ත 31/2

කොළඹ උතුර පන්දවාර 45.2 කදී ලකුණු 143 යි – විනුජ රන්පොල් 36, කවිඳු ආමන්ත 24, නෙත්ම කරුණාරත්න 11, අන්ජල බණ්ඩාර 19, මිනෙත් ප්‍රේමරත්න 14, සකිදු විජේරත්න 25/4, පසිදු තෙන්නකෝන් 33/2

කොළඹ උතුර – මහනුවර

කොළඹ උතුරට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15  ක ජයක්

කොළඹ උතුර පන්දුවාර 41 කදී කඩුලු 9 ට ලකුණු 192 යි – අන්ජල බණ්ඩාර 45, සෙනේෂ් ප්‍රනාන්දු 33, විනුජ රන්පොල් 23, සනීෂ් ජයවර්ධන 27, ට්‍රෙවීන් මැතිව් 27/3, ළහිරු අබේසිංහ 55/2, මලීෂ සිල්වා 23/2

මහනුරව පන්දුවාර 33.5 කදී සියලු දෙනා දැවී ලකුණු 153 යි – අසිත වන්නිනායක 67, රහල් අමරසිංහ 16,පවන් පතිරාජ 40, ළහිරු අබේසිංහ 13, විනුජ රම්පොල් 23/2

කොළඹ දකුණ – දඹුල්ල

කොළඹ දකුනට කඩුලු 8 ක ජයක්

දඹුල්ල පන්දුවාර 35.5 කදී සියලු දෙනා දැවී ලකුණු 167 යි – රිෂී අධිෂ්ඨාන් 56, මතීෂ වීරසිංහ 25, කුඩලප්පලාදන රධීෂාන් 11,එස්. රුවින්ත 30, දනාල් හේමානන්ද 24/3, සහන් මිහිර 28/3,

කොළඹ දකුණ පන්දුවාර 25.2 කදී කඩුලු 2 ට ලකුණු 168 යි – සදීෂ් රාජපක්ෂ 62, සිදෙත් ජයවර්ධන 53, තරිඳු අමරසිංහ 25*, තිසර වික්‍රමසිංහ 14

ගාල්ල – දඹුල්ල

ගාල්ලට ලකුණු 73 ක ජයක්

ගාල්ල පන්දුවාර 46.5 කදී ලකුණු 285 යි – හරිදු ජයසේකර 64, ජීවක ශෂීන් 81, නිපුන් රුචිර 21, හන්සමාල ද සිල්වා 68, හසින්ත කෞෂාන් 59/2, විශ්ව රාජපක්ෂ 42/2, සකිඳු විජේරත්න 45/2, එම්. මුසම්මිල් 05/2

දඹුල්ල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 212 යි – ප්‍රබුද්ධ ප්‍රේමලාල් 41, මතීෂ වීරසිංහ 50, රිෂී අධිෂ්ඨාන් 25, ආර්. ක්‍රිෂාන් 16, ෂෙහාන් හසරංග 59/3

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest