slc
logo
Home   |    News
ජූනි 27, 2022
අතපත්තුගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

sinhala editor

Chamila Karawita reporting from Rangiri Dambulla

චමරි අතපත්තුගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කීඩිකාවෝ පළමු වතාවට ඉන්දියානු පිල තම මව්බිමේදී පරාජයට පත් කිරීමට අද (27 දා) පස්වරුවේ සමත්වූහ. අද තරගයේ ජය ශ්‍රී ලංකාව සතු වුවත් පළමු තරග 2 පරාජයට පත්වීම නිසා තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගත්තේය.

ජයග්‍රහණය සදහා ලකුණු 139 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තෙවැනි කඩුල්ල සඳහා වාර්තා ගත ලකුණු 77 ක සම්බන්ධතාවත් පැවැත්වූ චමරි අතපත්තු සහ නිලක්ෂි ද සිල්වා ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දුන්හ. පන්දු 57 කදී වාර්තා වුණු එම සම්බන්ධතාව මෙතෙක් ශ්‍රී ලංකාවේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාවුණු ඉහළම සම්බන්ධතාව බවට පත්විය. මීට පෙර සම්බන්ධතාව වූයේ චමරි අතපත්තු සහ හංසිමා කරුණාරත්න එක්ව සිඩ්නිහිදී රැස් කරන ලද ලකුණු 76 වේ.

17 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු 2 ක් කරා පැති මාරු කර ගැනීමට නායිකාව සමත්වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සනිටුහන් විය. එම ලකුණු දෙකත් සමඟ සිය පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 80 දක්වා චමරි ඉහළ දමා ගත්තේ ඉනිම නොබිඳිව තබා ගනිමිනි. පන්දු 48 ක් පමණක් ඒ සඳහා වැය කළ වමත් ආරම්භක පිතිකාරිණිය ඉන් එකක් හයේ පහරක් ලෙසින්ද 14 ක් හතරේ පහර ලෙසින්ද පරිවර්තනය කරගත්තාය. ශ්‍රී ලංකා පිලේ ජය සනිටුහන් වන විට පන්දු 18 ක් සහ කඩුලු 7 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

අද දිනයේ සිදුවූ අනෙක් සුවිශේෂී සිදුවීම වූයේ චමරි අතපත්තු විස්සයි-20 තරග දිවියේ ලකුණු 2000 කඩ ඉම පසු කර යෑමය. දෙවැනි තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකාරිණි ස්මිත්‍රී මන්ධනා ලකුණු 2000 සීමාව පසුකරා සේම අද තරගයේදී චමරි එම හපන්කම දැක්වූවාය. ලකුණු 2000 සීමාව ඉක්මවාලූ පළමු ශ්‍රී ලාංකික පිතිකාරිණිය බවට පත් වුණු චමරි, මුහුණ දුන් 29 වැනි පන්දුවේදී අර්ධ ශතකය සම්පූර්ණ කරගත්තාය. විස්සයි-20 තරගයකදී වේගවත්ම අර්ධ ශතකය රැස් කළ ශ්‍රී ලාංකික පිතිකාරිණියගේ වාර්තාවද චමරි අද සියතට ගැනීමට සමත්වීමද කැපී පෙනිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග 95 කට ක්‍රීඩා කර ඇති චමරි මේ දක්වා රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2054 කි. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 22.57 ක් ලෙස සටහන් වද්දී ප්‍රහාරාත්මක වේගය 104.68 ක් රඳවා ගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 6 ක්ද සිය නම ඉදිරියේ රදවා ගනිමිනි.

ජයග්‍රහණයට ලකුණු 25 ක් මෑතින් සිටියදී චමරිට අනගි සහායක් ලබා දුන් නිලක්ෂි ද සිල්වා ලකුණු 30 ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුව දැවී ගිය නමුත් චමරි සහ කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. චමරිගේ ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබද්දී තරගාවලිය පුරා විශිෂ්ඨ දස්කම් දැක්වූ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෞර් තරගාවලියේ වීරයා ලෙසින් පිදුම් ලැබීය.  

කාසි‌යේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ පළමු විස්සයි-20 තරගයේ රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව හා සමාන ලකුණු සංඛ්‍යාවක් අද තරගයේදීද රැස් කරගනිමින් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල කළහ. නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ඉන්දීය ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 5 කට ලකුණු 138 ක් වශයෙනි.

පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 07 කට සීමා කිරීමට සුගන්ධිකා කුමාරි සමත්වද්දී දෙවැනි කඩුල්ලට ස්මිත්‍රී මන්ධනාට එක් වූ සබ්බෙනෙනි මේඝනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 41 ක් රැස් කරත් ඔවුන් දෙදෙනාට විශාල ඉනිම කරා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන්හ.

මන්ධනා ලකුණු 22 කටත් මේඝනා ලකුනු 22 කටත් දැවී යද්දී සිව්වැනි කඩුල්ලට එක්වුණු ජෙමිමා රොඩ්‍රිගස් සහ නායිකා හර්මන්ප්‍රීට් කෞර් පන්දු 56 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමූහ.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන ජූලි 01 වැනිදා පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

ඉන්දියාව පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 138 යි – හර්මන්ප්‍රීට් කෝර් 39, ජෙමිමා රොඩ්‍රිගස් 33, ස්මිත්‍රි මන්දනා 22, සබ්බෙනෙනි මේඝනා 22, පූජා වස්ත්‍රකාර් 13*

ශ්‍රී ලංකාව පන්දුවාර 17 කදී කඩුලු 3 ක් දැවී ලකුනු 139 යි – චමරි අතපත්තු 80, නිලක්ෂි ද සිල්වා 30, හර්ෂිතා සමරවික්‍රම 30

Active filters

Recent Posts

  • පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම […]
  • චිලව් මේරියන්ස් – මුවර්ස් ජය ලබති
     අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරග අතුරින් චිලව් මේරියන්ස් සහ මුවර්ස් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.  චිලව් මේරියන්ස් කඩුලු හතරකින් බදුරලිය පරාජය කළ අතර […]
  • අවුරු. 23 න් පහළ කාන්තා ක්‍රිකට් දෙවැනි දිනය වැස්සට සේදෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ කාන්තා පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (17 දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 ම අයහපත් කාලගුණය […]
  • ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
    මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර […]
  • පුහුණු තරගවලට පෙර කුසල්ට කණ්ඩායම සමඟ එකතුවේවි – ඈෂ්ලී ද සිල්වා
    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත යෑමට වීසා ඇයැදුම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ වීසා බලපත්‍රය එම තානාපති කාර්යාලය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee