slc
logo
Home   |    News
ජූනි 25, 2022
චමරි සහ විශ්මිගේ වාර්තාගත සම්බන්ධතාව අපතේ යයි

sinhala editor

Chamila Karawita reporting form Rangiri Dambulla

පළමු කඩුල්ල වෙනුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික පිතිකාරිණියන් දෙපළක් ගොඩනංවන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව එක් කිරීමට චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත් වුවත් මැද පෙළ පිතිකාරිණියන්ගේ දායකත්වය නොමැතිවීම මත රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (25 දා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයෙන්ද ඉන්දීය කාන්තා පිල හමුවේ කඩුලු 5 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කාන්තා පිලට සිදුවිය.

ජයග්‍රහණය සදහා ලකුණු 126 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ පන්දු 5 ක් සහ කඩුලු 5 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තබමිනි. ඉන්දීය ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වූ නායිකා හර්මන්ප්‍රීත් කෝර් පන්දු 32 කදී ලකුණු 31 ක් ද ස්මිත්‍රී මන්දනා පන්දු 34 කදී ලකුණු 39 ක්ද එක් කළහ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිල වෙනුවෙන් චමරි සහ විශ්මි එක්ව පන්දු 83 කදී වේගවත් ලකුණු 87 ක් එක් කළහ. ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා පන්දුවට පහර දුන් විළාශය අනුව ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලකුණු 150 සීමාව ආසන්නයට පැමීණීමට හොඳින්ම අවකාශ තිබුණත් මැද පෙළින් අවශ්‍ය සහාය නොමැතිවීම ශ්‍රී ලංකා පරාජයට මූලිකම හේතු විය. පන්දු රැකීමේදී දුර්වලතා පෙන්වීමද ඊට බලපෑ තවත් හේතුවක් විය.

චමරි සහ විශ්මි ගොඩනංවන ලද එම සම්බන්ධතාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණියන් යුගලක් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේද චමරි සහ විශ්මි වන අතර ඒ මේ වසරේදී කෙන්යාවට එරෙහිව ක්වාලලාම්පූර්හි රැස් කරන ලද ලකුණු 83 ක සම්බන්ධතාව පෙර වාර්තාව විය. එමෙන්ම මෙය ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකාරිණියන් යුගලක් එක් කරන ලද තෙවැනි ඉහළම ලකුණු සම්බන්ධතාව ලෙසින්ද මෙය සටහන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙතෙක් හොඳම කඩුලු සම්බන්ධතාව ලෙසින් සටහන් වන්නේ ස්කොට්ලන්ත පිලට එරෙහිව චමරි අතපත්තු සහ හසිනි පෙරේරා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 වන අතර හර්ෂිතා මාධවී සහ නිලක්ෂි ද සිල්වා සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද නොබිඳුනු ලකුණු 87 ක සම්බන්ධතාව එහි දෙවැන්න විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වුණු විෂ්මි ගුණරත්න පන්දු 50 කදී ලකුණු 45 ක්ද චමරි අතපත්තු පන්දු 41 කදී ලකුණු 43 ක් ද රැස් කළහ.  17 වැනි පන්දුවාරය වන විටත් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 106 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුවත් විශ්මිගේ දැවී යෑමත් සමග මැද පෙළ දැඩි අසාර්ථක භාවයකට මුහුණ දුන්නේය. ඉන් පසු පැමිණි කිසිදු පිතිකාරිණියක ලකුණ් 10 සීමාව ඉක්මවාලීමට ඉන්දීය පන්දු යවන්නියෝ අවස්ථාව ලබා නොදුන් අතර ඉනිම හමාර වන තෙක්ම ලකුණු 14 ක් පමණක් ලබා දී කඩුලු  6 ක් දවා ගැනීමට සමත්වූහ.

තරගයේ වීරයා – හර්මන්ජිත් කෝර්

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 7 ට  ලකුණු 125 යි – විශ්මි ගණරත්න 45, චමරි අතපත්තු 43, දීප්ති ෂර්මා 34/2

ඉන්දීය කාන්තා පිල පන්දුවාර 19.1 කදී කඩුලු 5 ට ලකුණු 127 යි – ස්මිත්‍රි මන්දනා 39, සෆාලි වර්මා 17, සභීනේනි මේඝනා 17, හර්මන්ජිත් කෝර් 31*, ඉනෝක් රණවීර 18/2, ඔ්ෂධී රණසිංහ 32/2

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee