slc
logo
Home   |    News
ජූනි 29, 2022
පළමු සැසියේ වාසිය ඔස්ට්‍රේලියානුවෝ ගනිති

sinhala editor

By Chamila Karawita

තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය ශ්‍රී ලංකාව සතු වුවත් තරගය පැවැති පළමු සැසිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දිවා ආහාරය සදහා තරගය නතර කර දමන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 ට ලකුණු 68 ක් ලෙසින් සටහන්ව තිබිණ.

තියුණු ලෙස දෝලනය වුණු ගාල්ල තණතීරුවේ පැවැති පළමු හෝරා දෙකේදී සිය කඩුල්ල ආරක්ෂා කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුනාරත්න පන්දු 74 කදී ලකුණු 25 ක්ද ඇන්ජලෝ මැතිව්ස් පන්දු 29 කදී ලකුණු 15 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

දිවා ආහාරයට පෙර මිචෙල් ස්වෙප්සන් යවන ලද අවසන් පන්දුවාරයේ පස්වැනි පන්දුවට ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය දිමුත්ගේ පා ආවරණයේ වැදිණ. එය දැවී යෑමක් ද යන්න පන්දු රකින කණ්ඩායමෙන් ඉල්ලීමක් කරනු ලබූ නමුත් ප්‍රධාන වින්සරුවරයාගේ තීරණය වූයේ එය පිත්තේ වැදී ගිය ලකුණක් බවයි. එහෙත් පුණරූපන වලට අනුව එය දිමුත්ගේ පිත්තේ නොදැවුණු, කඩුල්ල මුවා කිරීමේ වරදට ආසන්නම අවස්ථාවක් බව පැහැදිළිව දිස් වුවත්, ප්‍රධාන විනිසුරුවරයාගේ තීරණය අභියෝගයට ලක් කිරීමට ඔස්ට්‍රේලියානුවන් කටයුතු නොකළ බැවින් තවදුරටත් පිටියේ රැදී සිටීමට ශ්‍රී ලංකා නායකයා වාසනාවන්ත වීය.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනාම ලිහිල් පහර එල්ල කිරීමට යෑමේදී කඩුල්ල පිටුපස කාර්යයේ නිරත ඇලෙක්ස් කේරි අතට උඩ පන්දු ලබා දී දැවී ගියේය. පැට් කමින්ස්ගේ හදිසියේම ඉහළ නැඟී පන්දුව පැතුම් නිස්සංකගේ පිත්තේ පිටත දාරයේ වැදීද, මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය උඩ පන්දුවක් ලෙස රැක ගැනීම නිසා කුසල් මෙන්ඩිස්ගේ ඉනිම නිමාවට පත්විය. කුසල් මෙන්ඩිස් රැස් කරන ලද්දේ ලකුණු 03 ක් වුවත් මනරම් පුල් පහර 2 ක් ද සහිතව හතරේ පහර 3 ක් එල්ල කළ පැතුම් නිස්සංක ලකුණු 23 ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකාව පන්දුවාර‌ 27 කදී කඩුලු 2 ක් දැවී ලකුනු 68 යි – දිමුත් කරුණාරත්න 25, පැතුම් නිස්සංක 23, ඇන්ජලෝ මැතිව්ස් 15, කුසල් මෙන්ඩිස් 03

Active filters

Recent Posts

  • හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
    ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. […]
  • මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති
    කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා […]
  • අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
    පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත […]
  • ශ්‍රී ලංකා බාළිකාවෝ අවසන් සටනට සුදුසුකම් ලබා ගනිති
    පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි-20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අටවැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ සමගම […]
  • දෙවැනි විස්සයි-20 ත් පාකිස්තානුවෝ ජය ගනිති
    මාස් සදාකත්ගේ වේගවත් ලකුණු 96ත්, නායක සහිබ්සාදා ෆර්හාන්ගේ ලකුණු 73ත් හමුවේ දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ පාකිස්තාන කණ්ඩායම, ශ්‍රී ලංකාවට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් […]

Pin It on Pinterest

USD United States (US) dollar