slc
Home   |    News
ජූලි 3, 2022
ඉන්දියාව සමඟ ‘එකට එක’ කරන්න හෙට ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි

sinhala editor

Chamila Karawita from Pallekele

සටනක් දීමෙන් පසු පළමු එක්දින තරගයෙන් ලද කඩුලු 4 ක පරාජයෙන් පසු දින දෙකක කාලයකට පසු ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගිවන දෙවැනි එක්දින තරගය හෙට (04 දා) පෙ.ව. 10.00 ට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා එක්දින ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරගයක් වන මෙම තරගාවලියේ හෙට තරගය ජය ගැනීමට සමත් වුවහොත් තරගාවලිය 1-1 ක් ලෙස කරට කර තත්ත්වයකට රැගෙන ඒමට සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙනු ඇත.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය කාන්තා පිල සිටින්නේ සිව්වැනි ස්ථානයේය. ශ්‍රී ලංකාවට වෙන්වී ඇත්තේ එම ශ්‍රේණිගත කිරීමේ 9 වැනි ස්ථානය වුවත්, පළමු එක්දින තරගයේදී ඉන්දීය පිල සමග කරට කර සටනක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ලෝක ශූරතා කාන්තා ක්‍රිකට් තරගාවලිය යටතේ දෙවැනි තරගාවලියට සහභාගිව සිටින ශ්‍රී ලංකාව තවමත් ජයග්‍රහණය කර ඇත්තේ එක් තරගයක් වන අතර තරග 3 ක් පරාජයට පත්ව තිබේ. ඉන්දියාවට ‌එරෙහිව ලද තරග පරාජයට අමතරව පාකිස්තානය හමුවේ පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියේ තරග 2 ක් පරාජයට පත්විය.

එම ප්‍රසාද ලකුණු සටහන් අනුව ශ්‍රී ලංකාව සිව්වැනි ස්ථානයේ රැදී සිටින නමුත් ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටින්නේ අයර්ලන්ත කාන්තා පිල පමණි. දකුණු අප්‍රිකාව පළමු ස්ථානයේත් පාකිස්තානය දෙවැනි ස්ථානයෙත් සහ ඉන්දියාව තෙවැනි ස්ථානයෙත් රැඳී සිටිති.

අඩු ලකුණු සංඛ්‍යාවන් වාර්තාවීම මත ජයග්‍රහණය තීරණය වුණු එම තරගයේදී ශ්‍රී ලංකා පිල තවත් ලකුණු 20 ක් හෝ 25 ක් රැස් කර ගැනීමට සමත්වූයේ නම් තත්ත්වය මීට වෙනස් ස්වරූපයක් ගැනීමට වැඩි ඉඩ කඩක් තිබිණ. ලකුණු 172 ක ඉලක්කය හඹා යෑමේදී ඉනෝකා රණවීර සහ ඔෂධී රණසිංහ පන්දුවෙන් දස්කම් දක්වමින් ඉන්දීය කාන්තා පිල අසීරුවේ දැමූ නමුත් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට පිතකාරිණියන් සමත් නොවීම ශ්‍රී ලංකා පරාජයට ප්‍රධාන හේතු විය.

තරගයකට පසු දිනය සාමාන්‍යයෙන් විවේක දිනයක් ලෙසින් සැලකෙන නමුත් ඊයේ (02 වැනිදා) දිනෙය්දී ශ්‍රී ලංකා පිල පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහබාගිවීම විශේෂත්වයක් විය. ප.ව. 1.30 ට ඇරැඹි එම පුහුණු සැසිය පසුවරු 5 ආසන්නය වන තෙක්ම ක්‍රියාත්මක විය.

විද්‍යාලාන්තර සහ දේශීය තරග පිටියේ ලකුණු මැෂිමක් බවට පත්ව සිටින විශ්මි ගුණරත්න, විස්සයි-20 ජාත්‍යන්තර 7 කදී ශ්‍රී ලංකාව නියෝජනය කළත් තවමත් එක්දින වරම් දිනා ගැනීමට අපොහොසත්ව සිටින්නීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දුර්වල අංශය බවට පිතිකරණය පත්ව තිබීම නිසා හෙට දිනයේදී ඇය බොහෝ දිනට එක්දි වරම් දිනා ගැනීමට වැඩි ඉඩකඩක් පවතිනු ඇත. එසේ වුවහොත් පෙර තරගයේ ඉනිම ඇරැඹි හිසිනි පෙරේරාට අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ගෙලවුම් කාරිණිය බවට පත්ව සිටින කවීෂා දිල්හාරිද ලකුණු ලබා ගැනීමට පෙර දැවී යෑම පළමු තරගයේදී ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් විය. කෙසේ ‌වෙතත් පළමු තරගයේදී සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් හෙට තරගයට ක්‍රීඩා කළහොත් ඉන්දියාව සමග කරට කර සටනක් ලබා දී තරගාවලිය සම තත්ත්වයට රැගෙන ඒමට ශ්‍රී ලංකාවට අසීරු කරුණක් නොවනු ඇත.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest