slc
Home   |    News
ජූලි 1, 2022
ඉන්දීය ක්‍රීඩිකාවෝ එක්දින තරගාවලිය පෙරමුණ ගනිති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

කාන්තා එක්දින ලෝක ශූරතාවලියට සුදුසකම් ලබා ගැනීම වෙනුවෙන් පල්ලකැලේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-0 ක් ලෙද අද (01 දා) පෙරමුණ ගත්හ.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් සත්කාරක පිල රැස් කර ගැනීමට සමත්වුයේ ලකුණු 171 ක් පමණි. ඉලක්කය කුඩා වුවත් එය ආරක්ෂා කර ගැනීම සඳහා ඕෂධී රණසිංහ සහ ඉනෝකා රණවීර දැඩි ප්‍රයත්නයක් ලබා දුන්නත්, හය වැනි කඩුල්ලේ සම්බන්ධ තාව බිද දැමීමට අසමත්වීම නිසා අවසානයේ ඉන්දියාව තරගය කඩුලු 4 කින් ජය ගත්තේය.

ඉන්දීය ඉනිම ආරම්භයේදී රණසිංහ කඩුලු දෙකක් දවා ගනිමින් පීඩනයක් එල්ල කළත් නායිකා හරමන්ප්‍රිත් කෝර් සහ හර්ලීන් ඩියෝල් පන්දු 60 කදී ලකුණු 62 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉන්දීය පිල ජය කණුව කරා රැගෙන යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළහ. ඊට පෙර සෆාලි වර්මා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 44 ක්ද ඉන්දීය නායිකාව රැස් කළාය.

පිටිය පුරා පහර එල්ල කළ ඩියෝල් පන්දු 40 කදී ලකුණු 34 ක් ලබා  ගනිද්දී වඩාත් විමසිලිවත්ව පන්දුවට පහර දුන් කෝර් පන්දු 63 කදී ලකුණු 44 ක් ලබා ගත්තාය. හතරේ පහර 3 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගත් ඉන්දීය නායිකාව ක්‍රීඩිකාවන් නොමැති හිදැස් වලට පන්දුව යොමු කරමින් කෙටි ලකුණු වැඩියෙන් ලබා ගැනීමට උත්සුක වූවාය.

එහෙත් ලකුණු 8 ක් ඇතුළත ඉන්දීය නායිකාවගේ කඩුල්ලද ඇතුළුව කඩුලු 3 ක් දවා ගැනීමට වමත් පන්දු යවන්නිය වූ ඉනෝකා රණවීර සමත්වීමත් සමඟ තරගයේ අවසන් හෝරාව නොසන්සුන් තත්ත්වයකට පත්විය.

පන්දු යැවීමේදී ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගෙන සිටි දීප්ති ෂර්මා ඉන්දියාව මුහුණ දී තිබූ මානසික ආතතියෙන් ගලවා ගනු ලැබුවේ පූජා වස්ත්‍රකාර් සමඟ ඉන්දීය ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමිනි. පන්දු 41 කදී ලකුණු 22 ක් වුවත් අවශ්‍යම මොහොතේ ඉවසීමෙන් පන්දුවට පහර දීම නිසා ඉන්දීය ජයග්‍රහණය කඩුලු 6 කදී ම සනාථ වන විට පන්දුවාර 12 ක්ම ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

ඔ්ෂධී රණසිංහ විසින් යවන ලද අවසන් පන්දුවායේ පළවැනි පන්දුවටත් අවසන් පන්දුවටත් දැවැන්ත හයේ පහර 2 ක් එල්ල කරමින් පූජා වස්ත්‍රකාර් තරගය නිමා කළාය. දීප්ති ෂර්මාගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද ඈ පිදුම් ලැබුවාය.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ නිලක්ෂි ද සිල්වා වන අතර ඇය පන්දු 63 කදී ලකුණු 43 ක් රැස් කරගත්තාය. ලකුණු 84 කට මුල් පෙළ කඩුලු 5 ම බිද වැටී තිබියදී පිටියට පිවිසි නිලක්ෂි අනුෂ්කා සංජීවනී සමඟ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ.

අද තරගයේදී මංගල එක්දින වරම් ලැබූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරමින් පැමිණි රෂ්මි සිල්වාට රැස් කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණක් වන අතර පන්දු යැවීමේදීද පන්දුවාර 6 ක් සිය මංගල තරගය සීමා කර  ගනිද්දී ලකුණු 30 ක් ප්‍රතිවාදීන් පිතිකාරිණියන් විසින් ලබාගෙන තිබුණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය ලබන 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙ.ව. 10 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.2 කදී ලකුණු 171 යි – හසිනි පෙරේරා 37, චමරි අතපත්තු 2, හන්සිමා කරුණාරත්න 0, හර්ෂිතා සමරවික්‍රම 28, කවීෂා දිල්හාරි 0, නිලක්ෂි ද සිල්වා 43, අනුෂ්කා සංජීවනී 18, රෂ්මි සිල්වා 7, ඉනෝකා රණවීර 12, අචිනි කුලසූරිය 0, රේනුකා සිං 29/3, දීප්ති ෂර්මා 25/3

ඉන්දියාව පන්දුවාර 38 කදී කඩුලු 6 කට ලකුණු 176 යි – හර්මන්ප්‍රීත් කෝර් 44ථ, හර්ලීන් ඩියෝල් 34, දීප්ති ෂර්මා 22*, පූජා වස්ත්‍රකාර් 21*, සෆාලි වර්මා 35, ස්මිත්‍රී මන්දනා 4, යස්ටිකා භාතියා 1, ‌රීසා ගෝෂ් 6, ඉනෝකා රණවීර 39/4, ඕෂධී රණසිංහ 34/2ඕ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest