slc
Home   |    News
ජූලි 4, 2022
ඉන්දීය ක්‍රීඩිකාවෝ වේලාසනින්ම එක්දින තරාවලිය දිනයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

වේග පන්දු යවන රේණුකා සීං සිය එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්වීමත් සහ ආරම්භක පිතිකාරිණියන් වූ ස්මිත්‍රී මන්දනා සහ ශෆාලි වර්මාගේ ලකුණු 174 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (04 දා) පස්වරුවේ සමත්විය. මේ සමඟම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

පන්දු 154 ක් වැය වුණු එම සම්බන්ධතාව හේතුවෙන් ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් වන විට පන්දුවාර 24 කුත් පන්දු 2 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. වැඩිම ලකුණු ලාභිණිය වූ ස්මිත්‍රි මන්දනා හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමඟින් පන්දු 83 කදී ලකුණු 94 ක් ලබා ගනිද්දී ශෆාලි වර්මා හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 71 ක් ලබා සිටියාය.

එක්දින තරග දිවියේ ශෆාලි වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් මෙම ඉනිම සනිටුහන් වද්දී ඒ සඳහා ඇය පන්දු 71 ක් පමණක් වැය කළාය. ශ්‍රී ලංකාව ලබා දුන් ලුණු 174 ක ඉලක්කය කඩුලු ලබා නොදී ලබා ගැනීමට සමත්වීමත් සමඟ ඉන්දීය කාන්තා එක්දින තරග ඉතිහාසයේ කඩුල්ලු 10 ම ඉතිරිව තිබියදී ජයග්‍රහණය කර ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද මෙය තරගය සටහන් විය.

ඉන්දීය ආරම්භක පිතිකාරිනියන් මෙල්ල කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නායිකාව පන්දු යවන්නන් 6 දෙනෙකුගේ සහාය ලබා ගත්තද දුර්වල පන්දු රැකීම එම ‘ගඟට ඉනි කපන්නක්’ම විය. ඉන්දීය ඉනිම පුරාම දවා ගැනීම සඳහා ආසන්න අවස්තා කීපයක්ම ලබා දුන්නත් ඒ සෑම අවස්ථාවක්ම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතින් ගිලිහී ගියහ. ශෆාලි ලකුණු 39 ක් සහ ලකුණු 55 ක් ලබා සිටියදීත් මන්දනා සිය 23 වැනි අර්ධ ශතකය ඉක්මවා ගිය සැනින් සහ ලකුණු 77 ක් ලබා සිටියදීත් පහසු උඩ පන්දු අවස්ථා ලබා දුන්නත් එය ගිලිහී යෑමෙන් තවදුරටත් පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත විය.

9 වැනි පන්දුවාරය වන විට ඉන්දීය ලකුණු පුවරුවේ ලකුණු 50 සටහන් වද්දී සෑම පන්දුවාරයකටම හතරේ පහර බැගින් එල්ල කිරීමට ආරම්භක පිතිකාරිනියන් යුගල සමත්වූහ.

පෙර දින ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කෝර් කිසිදු පැකිළීමකින් තොරව පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියාය. බලාපොරොත්තු වූ අයුරින්ම සාර්ථක ඵල අත්කර දුන් තරගයේ වීරවරියට හිමි සම්මානය දිනාගත් රේනුකා සිං සිව්වැනි පන්දුවේදීම හසිනි පෙරේරාව පිටියෙන් ඉවත් කළාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 75 ක්‍රීඩිකාව බවට පත් වෙමින් විශ්මි ගුණරත්න අවසන් 11 දෙනා අතරට පැමිණීම නිසා, මෙතෙක් දිනක් ආරම්භක පිතිකාරිණිය ලෙසින් කටයූතු කළ නායිකා චමරි අතපත්තු අංක 3 ස්ථානයෙන් පිටියට පිවිසියාය. එහෙත් කණ්ඩායම සතු ප්‍රබලම පිතිකාරිණියන් දෙපළක් වන විශ්මි ගුණරත්න සහ උප නායිකා හර්ෂිතා සමරවික්‍රම, මුලු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී දවා ගැනීමට රේණුකා සමත්වීම නිසා නායිකාව වෙත පීඩනය වැඩි විය.

එක පිට කඩුලු වැටී යෑම නිසා වෙනදා මෙන් රිසිසේ පන්දුවට පහර දීම පසෙක තබා පන්දුවට පහර දීමට චමරිට සිදුවිය. චමරි අතපත්තු ලකුණු 27 කට දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකාව ගැඹුරු ආගාධයකට තල්ලු කරවන්නක් විය. ඉනිමේ හරි අඩක් හෙවත් පන්දුවාර 25 අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ කඩුලු 6 කට ලකුණු 81 ක්  වශයෙනි.

මැද පෙළින් පැමිණි අනුෂ්කා සංජීවනී (25), නිලක්ෂි ද සිල්වා (32 ක් සහ අමා කාංචනා (නොදැවී 47) ක් රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයේදී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව වඩා ලකුණු 2 ක් වැඩියෙන් රැස් කර ගැනීමට අවස්ථාව උදාවිය.

පළමු තරගයේදී ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත් රේණුකා සිං අද දිනයේදී සිය පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 28 කට කඩුලු 4 ක් දශයෙන් අවසන් කළාය. ඇයට අමතරව මීගනා සිං සහ දීප්ති ශර්මා කඩුලු 2 බැගින් බිඳ හෙළමින් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දායකත්වය දැක්වූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 50 කදී ලකුණු 173 යි – (හසිනි පෙරේරා, 00, විශ්මි ගුණරත්න 03, චමරි අතපත්තු 27, හර්ෂිතා සමරවික්‍රම 00, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සසිල්වා 32, කවීෂා දිල්හාරි 05, අමා කංචනා (නොදැවී) 47, ඔෂධී රණසිංහ 10, ඉනෝකා රණවීර 06, අචිනි කුලසූරිය 00, රේනුඛා සිං 28/4, මේඝනා සිං 43/2, දීප්ති ශර්මා 30/2)

ඉන්දීය කාන්තා පිල පන්දුවාර 25.4 කදී කිසිවකු නොදැවී ලුණු 174 යි – (ස්මිත්‍රි මන්දනා (නොදැවී) 94, ශෆාලි වර්මා (නොදැවී 71)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest