slc
logo
Home   |    News
ජූලි 8, 2022
එක්දින ශූරතාවත් ඉන්දියානු කාන්තාවන්ට

sinhala editor

ගෞරවාන්විත තරගාවලි අවසානයක් සඳහා ඉවතිරිව තිබූ අවසන් අවසන් අවස්ථාවේදීද පිතිකාරිණියන්ට සිය වගකීම් ඉටු කිරීමට නොහැකවීම නිසා තෙවැනි එක්දින තරගයෙන්ද ඉන්දියාව හමුවේ ලකුනු 39 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (07 දා) පස්වරුවේ සිදුවිය. ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත්වූහ.

සිය 16 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමූ නායිකා හර්මන්ප්‍රීට් කෝර් පන්දු යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක කඩුල්ල වූ චමරි අතපත්තුගේ කඩුල්ල දවා ගනිමින් ඉන්දීය ජයග්‍රහණයේ පෙරමුණ ගත්තාය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙන්ම තරගාවලියේ  පුරා දක්වන ලද දක්ෂතා හේතුවෙන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයද කෝර් විසින් දිනා ගත්තාය.

ලකුණු 256 ක ඉලකකයක් හඹා යෑමේදී වේලාසනින්ම විශ්මි ගුණරත්න දැවූ ගිය නමුත්, ඉනිම ආරම්භ කළ චමරි අතපත්තු තරගය ඉදිරියට රැගෙන ගියේ 9 වැනි පන්දුවාරය යැවූ දීප්ති ෂර්මාට පිට පිටම එල්ල කරන ලද හතරේ පහර 3 ත් සමඟිනි. හසිනි පෙරේරාට සමඟ එක්වූ චමරි, දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 56 ක් එක් කරමින් ලකුණු ලබා ගැනීමේ වේගය වේගවත් කළත් චමරිගේ දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගයද සැලකිය යුතු මට්ටමින් පහත වැටුණි.  පන්දු 41 කට මුහුණ දුන් චමරි හතරේ පහර 8 ක් සමඟ 44 ක් ලබා ගත්තාය.

එහෙත් හසිනි පෙරේරාට එක්වූ කවීෂා දිල්හාරි ලකුණු 36 ක සම්බන්ධතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට උත්සාහ ගත්තද එම කඩුල්ලේ සම්බන්ධතාවද ලකුණු 36 කට සීමා විය. එතැන් පටන් තරගයේ පාලනය අතට ගත් ඉන්දීය පන්දු යවන්නියෝ මුලු ලකුණු 158 වන විට කඩුලු 8 ක් දවා ගැනීමට සමත්වූහ. කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ රාජේෂ්වරී ගයික්වාඩ් කඩුලු 3 ක් දවා ගනිද්දී මේඝනා සිං සහ පූජා වස්ත්‍රකාර් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

පහසු ජයක් අපේක්ෂා කළද අවසන් පිතිකාරිණියන් දෙ‌දෙනා සමග එක්වූ නිලක්ෂිද සිල්වා ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවාය. පළමුව රශ්මි සිල්වා සමග එක්වූ නිලක්ෂි 9 වැනි කඩුල්ලට ලකුණු 28 ක සම්බන්ධතාවක්ද 10 වැනි කඩුල්ල වෙනුවෙන් ඉනෝකා රණවීර සමග ලකුණු 33 ක සම්බන්ධතාවක්ද පවත්වමින් ජයග්‍රහණය ආසන්නයට කණ්ඩායම රැගෙන ඒමට සමත්වූහ.

තනිව සටනක් දුන් නිලක්ෂි සියලුම පිතිකාරිණියන් දැවී යද්දී සිය අන්තය ආරක්ෂා කර ගනිමින් ලකුණු 48 ක් ලබා සිටියියා. පන්දු 59 කට මුහුණ දුන් ඇය හයේ පහරක් සහ හතරේ පහර 2 කින් තම ඉනිම සරසා ගත්තාය. මෙම තරගයේදී පමණක් නොව පළමු තරග 2 දී පිළිවෙළින් 43 ක් සහ 32 ක් වශයෙන් ලබා ගත් නිලක්ෂි තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකාරිණියන් අතර දෙවැනි ස්ථානයටද පත් වූවාය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය පිලට ආරාධනා කළ අතර එහිදී ලකුණු 256ක අභියෝගයක් ලබා දීමට ඉන්දීය පිල සමත්විය. නායකත්වයේ ඉනිමක නිරත වූ කෝර් ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 88 කදී ලකුණු 75 ක් රැස් කර ගනිමිනි.

ලකුණු 124 කට කඩුලු 6  ක් බිද වැටී තිබියදී පිටියට එක්වූ කෝර් පූජා වස්ත්‍රකාර් සමග එක්වී 7 වැනි කඩුල්ලට ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩ නඟමින් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ දැමූහ. ඇයට අනගි සහායක් ලබා දුන් පූජා වස්ත්‍රකාර් පන්දු 65 කට මුහුණ දී ලකුණු 58 ක් ලාබ ගනිද්දී ආරම්භක පිතිකාරිණී ශෆාලි වර්මා ලකුණු 49 ක් ලබා ගත්තාය.

ඉන්දීය කාන්තා පිල පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලලකුණු 255 යි – (හර්මන්ප්‍රීට් කෝර් 75, ශෆාලි වර්මා 49, යස්ටිකා භාතියා 30, පූජා වස්ත්‍රකාර් 58, ඉනෝකා රණවීර 22/2, රශ්මි ද සිල්වා 53/2, චමරි අතපත්තු 45/2)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 216 යි – (චමරි අතපත්තු 44, හසිනි පෙරේරා 39, හර්ෂිතා මාධවී 22, නිලක්ෂි ද සිල්වා නොදැවී 48, රෂ්මි ද සිල්වා 18,

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest