slc
Home   |    News
ජූලි 25, 2022
කාන්තා පිල බර්මිංහැම් යයි

sinhala editor

By Chamila Karawita

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (25 දා) මධ්‍යාහ්නයේදී එංගලන්තයේ බර්මිංහැම් නුවර බලා පිටත්ව ගියේය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සාමාජිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත විය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවතරග වදිනු ලබන කාණ්ඩයට එංගලන්ත්‍ය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව යන ප්‍රබල ප්‍රතිවාදී රටවල් ඇතුළත්ව සිටිති. මැලේසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශූරියන් බවට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකා‌වෝ මෙම පොදුරාජ්‍ය මණ්ඩල තරග වරමට ක්‍රීඩා කිරීම සදහා වරම් ලබා ගත්හ.

තරගාවලියට පිටත්ව යෑමට පෙර අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා කාන්තා පිලේ නායිකා චමරි අතපත්තු සදහන් කර සිටියේ, ශ්‍රේණිගත කිරීම් යටතේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් මූලික තරග වටය යටතේ තරග කිරීමට සිදු වුවද ශ්‍රේණිගත කිරීම් යනු හුදෙක් අංකයක් පමණක් බවත්, වඩා වැදගත් වනුයේ එදින වැඩි දස්කම් දැක්වීමට හැකියාව ලැබුණහොත් තරගයේ වාසිය තම කණ්ඩායම සතු වන බවයි.

“ඇත්තටම ගත්තොත් අපි තරග වදින කාණ්ඩයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් සමග තමයි අපිට තරග වදින්න සිදුවෙලා තියෙන්නේ.  මම හිතන්නේ ශ්‍රේණිගත කිරීම් කියන්නේ අංක පමණයි. වඩාත් වැදගත් වන්නේ එදා දිනයේදී හොඳින් දක්ෂතා දැක්වීමට සමත් වුවහොත් අපිට සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ලැබෙනවා” යැයි චමරි පවසන්නීය.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව මේ මස 30 වැනිදා ප්‍රබල එංගලන්තය සමාරම්භයේදී මුණ ගැසෙනු ඇත. අනතුරුව අගෝස්තු මස 02 වැනිදා නවසීලන්තයට එරෙහිව තරග වදින ශ්‍රී ලංකාව අගෝස්තු මස 04 වැනිදා දකුණු අප්‍රිකාව හමුවේ කඳවුරු බඳිනු ඇත. තරගාවලියේ ස්වභාවය වන්නේ මූලික වටයේ දක්වනු ලබන දක්ෂතා අනුව අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය වනු ඇත.

තරගාවලියට පිටත්ව යෑමට පෙර ඉතා හොද නේවාසික පුහුණු සැසියකට සහාගිවුණු බව ද අවධාරණ්‍ය කර සිටි කාන්තා ක්‍රිකට් නායිකාව ඉන්දියාවට එරෙහිව ඉකුත්දා සහභාගිවුනු තරගාවලිවලදී හොද පන්නරයක් ලබා ගත් බවද සඳහන් කර සිටියාය. “මම හැම දාම කියනවා වගේ අපේ පන්දු යැවීම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. පිතිහරඹය තමයි අපිට හදා ගන්න තියෙන්නේ. ඒ නිසා මේ තරගාවලියේදී අපේ පිතිකාරිණියන්ට ලකුණු අතරට පැමිණිමට හැකියාව ලැබුණොත් අපිට තරගාවලියේ ඉදිරියට යන්න ගොඩක් අවස්ථාව තියෙනවා” යැයි චමරි සදහන් කර සිටියාය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest