slc
Home   |    News
ජූලි 25, 2022
ටැමිල්, එ්ස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. අවසන් පූර්ව වටයට

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයත් සමග අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ටැමිල් යුනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. යන කණ්ඩායම් සමත්වූහ.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදී ටැමිල් යුනිය් පිල සහ ඒස් කැපිටල් පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද යුද හමුදාව සහ සී. සී. සී. කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද පෙරමුණට පැමිණෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරගය වටයට පිවිස සිටිති.

සෑම පිලකටම තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වූ මූලික වටය යටතේ තරග 10 ක් ජයගිමින් ටැමිල් යුනියන් පිලද, තරග 10 ක් ජය ගනිමින් ඒස් කැපිටල් පිලද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙද්දී යුද හමුදා පිල තරග 11 ක් සහ සී. සී. සී. පිල තරග 11  බැගින් ජය වාර්තා කරමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පිවිස සිටිති.

ඒ අනුව අවසන් පූර්ව තරග මේ මස 30 වැනිදා එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය අගෝස්තු 01 වැනිදා එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest