slc
Home   |    News
ජූලි 7, 2022
දෙවැනි ටෙස්ට් තරගයට පෙර තවත් තිදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

sinhala editor

දෙවැනි ටෙස්ට් තරගය ආරම්භයට පැය 48 කටත් වඩා අඩු කාලයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් තිදෙනකුට කොවිඩ්-19 වෛරසය ආසාධනය වී තිබෙන බව හතවුරු වී තිබේ. ජූලි 06 වැනිදා පස්වරුවේ සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ධනංජය ද සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි සහ අසිත ප්‍රනාන්දුට වෛරසය අසාධනය වී තිබෙන බවට හඳුනාගෙන තිබේ.

මෙම තත්ත්වය මත මොවුන් තිදෙනාම නවාතැන් ගෙන සිටින හෝටලයෙන් වෙනත් හෝටලයකට මාරු කොට නීරෝධායනයට ලක් කිරීමට කණ්ඩායම් කළමණාකාරීත්වය පියවර ගෙන තිබේ. මොවුන් තිදෙනාට වෛසරය ආසාධනය වී තිබෙන බවට හදුනා ගැනීමෙන් පසු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් සහ සහාය කාර්යය මණ්ඩලයද නැවතත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔවුන් සියලු දෙනාම පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවට පරීක්ෂණ වාර්තා ලැබී තිබේ.

දෙවැනි ටෙස්ට් තරගයට පෙර කොවිඩ් වෛරසයට ගොදුරු වූ ප්‍රවීන් ජයවික්‍රමද මේ වන විට නවාතැන් ගෙන සිටින හෝටලයෙන් මොවුන් තිදෙනා සිටින හෝටලය වෙත යැවීමට පියවර ගෙන තිබේ.

මෙම තත්ත්වය මත චයිනමන් පන්දු යවන ලක්ෂාන් සදකැන්ව ටෙස්ට් කණ්ඩායමට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ඔහුට පෙර දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ලක්ෂිත මනසිංහ සහ ප්‍රභාත් ජයසූරිය යන දඟ පන්දු යවන්නන් ද ටෙස්ට් සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ‌ගත්තේය.

දෙරට අතරර දෙවැනි ටෙස්ට් තරගය හෙට (08 වැනිදා) පෙ.ව. 10 ට ආරම්භ වේ. තරග 2 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්වීමත් සමග හෙට ඇරඹෙන ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියාව පිවිසෙන්නේ 1-0 ක් ලෙස පෙරමුණේ සිටගනිමිනි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest