slc
Home   |    News
ජූලි 4, 2022
විශ්මිට එක්දින වරම් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallekele

එක්දින තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ජයග්‍රහණය තීරණාත්මක දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සදහා ශ්‍රී ලංකා පිලට ආරාධනා කර සිටියේය. පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනූවෙන් ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න එක්දින වරම් දිනා ගැනීම කැපී පෙනෙයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින වරම් දිනාගත් 75 වැනි ක්‍රීඩිකාව බවට පත්වූ විශ්මි ගුණරත්න කණ්ඩායමට පැමිණිමත් සමඟ ඉනිම ආරම්භය හසිනි පෙරේාරා විසින් සිදුකරන අතර නායිකා චමරි අතපත්තු අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට නියමීතය. පාසල් වියේ පසුවන 16 හැවිරිදි විශ්මි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව බවටද පත්වූවාය. විශ්මි කණ්ඩායමට පැමිණීමේදී පළමු තරගයට ක්‍රීඩා කරන ලද හංසිමා කරුණාරත්නට ස්ථානය අහිමිව තිබෙන අතර පළමු එක්දින තරගයේදී එක්දින වරම් දිනාගත් රශ්මි සිල්වා වෙනුවෙන් අමා කාංචනා අවසන් 11 දෙනා අතරට පැමිණ සිටින්නීය.

ශ්‍රී ලංකාව – 1. හසිනි පෙරේරා, 2. චමරි අතපත්තු (නායිකා), 3. විශ්මි ගුණරත්න, 4. හර්ෂිතා සමරවික්‍රම, 5. කවීෂා දිල්හාරි, 6. නිලක්ෂි ද සිල්වා, 7. අනුෂ්කා සංජීවනී, 8. ඔෂධී රණසිංහ, 9. අමා කාංචනා, 10. ඉනෝකා රණවීර, 11. අචිනි කුල‌සූරිය.

ඉන්දියාව – 1. ස්මිත්‍රි මන්දනා, 2. ශෆාලි වර්මා, 3. හර්මන්ප්‍රීට් කෝර් (නායිකා), 4. හර්ලීන් ඩියෝල්, 5. යස්ටිකා භාතියා, 6. රිෂා ගෝස්, 7. දීප්ති ෂර්මා, 8. පූජා වස්ත්‍රකාර්, 9. රේනුකා සිං, 10. රා‌ේශ්වරී ගයික්වාඩ්, 11. මේඝනා සිං.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest