slc
Home   |    News
ජූලි 8, 2022
ස්මිත් – ලබුෂේන් ශතක ලබති

sinhala editor

By Chamila Karawita

ස්ටම්ප් කිරීමකට හසුකර දවා ගැනීමට තිබූ අවස්ථාව නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී යෑමත් සමග තවදුරටත් පිටියේ රැදී සිටීමට වරම් ලබා ගත් ඔස්ට්‍රේලියානු පිතිකරු මානස් ලබුෂේන්, සහ හිටපු නායක ස්ටීවන් ස්මිත් එක්ව දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනට ක්‍රීඩාව නතර කරන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව ලකුණු 300 ආසන්නයට රැගෙන එමින් තරගයේ පාලනය අතට ගැනීමට අද (08 දා) සමත්වූහ.

මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට ලකුණු 298 ක් වශයෙන් සටහන් වන විට ලබුෂේන්ගේ ඉනිම ලකුණු 104 කට නවතා ලීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුවත් හෙට ස්ටීවන් ස්මිත් ලකුණු 109 ක් ලබා සිය ඉනිම හෙට දිනටත් ක්‍රීඩා කිරීමට ඉතිරි කර ගත්තේය. ඉනිම 16 කට පසු රැස් කරන ලද පළමු ශතකය ලෙසින් සටහන් වුණු පන්දු 212 ක් පුරා විසිරුණු ස්මිත්ගේ ඉනිමට හතරේ පහර 14 ක් එල්ල කර තිබිණ.

දිවා විවේකයට පෙර ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනාවම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවත් තෙවැනි කඩුල්ලට එක්වුණු ස්මිත් – ලබුෂේන් යුගල තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක් රැස් කළේ තරගයේ වාසිය ඔස්ට්‍රේලියානුවන් වෙත හරවා ගනිමිනි.

ටෙස්ට් වරම් දිනාගත් ප්‍රභාත් ජයසූරියට මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර දෙමින් ලබුෂේන් පිටියෙන් ඉවත් වන විට පන්දු 156 කට මුහුණ දී සිටියේය. හතරේ පහර 12 ක් ද ඇතුළත් වුණු ලබුෂේන් ලකුණු 28 ක් ලබා සිටියදී රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවකට, ස්ටම්ප් කිරීමකට අවස්ථාවක් ලබා දුන්නද එය දික්වැල්ල අතින් අත හැරීම නිසා ඔහු එම ඉනිම 7 වැනි ශතකය දක්වා ඉහළ දමා ගත්තේය.

අද දිනයේ දැවී ගිය කඩුලු 5 න් 3 කටම හිමිකම් කීවේ ප්‍රභාත් ජයසූරියයි. දිනයේ යවන ලද පන්දුවාර 90 න් වැඩිම පන්දුවාර සංඛ්‍යාවක් යවන ලද පන්දු යවන්නන් දෙදෙනාගෙන්එක් අයෙක් වූ (පන්දුවාර 28 බැගින්) ජයසූරිය ලකුණු 90 ක් ලබා දී තිබුණේය. කසුන් රජිත සමඟින් පන්දු යැවීම ආරම්භ කළ රමේෂ් මෙන්ඩිස්ද පන්දුවාර 28 ක් යවමින් ලකුණු 100 කට එක් කඩුල්ලක් දවාගත්තේය

දිනය ආරම්භයේදී සාර්ථක වුණු කසුන් රාජිත තුන් වැනි පන්දුවාරයේදීීම ඩේවිඩ් වෝනර් දවා ගත් අතර පසුව රමේෂ් විසින් උස්මාන් කවාජාව දවා ගත්තේය. ජයසූරියට අමතර අද දිනයේදී කමිදු මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ ටෙස්ට් වරම් දිනාගත්තද පළමු දිනයේදී කැපී පෙනෙන යමක් කණ්ඩායම වෙනුවෙන් සිදුකළ නොහැකි විය. හෙට තරගයේ දෙවැනි දිනයයි.

ඔස්ට්‍රේලියාව පන්දුවාර 90 කදී කඩුලු 5 ට ලකුණු 298 යි – (ස්ටීවන් ස්මිත් නොදැවී 109, මානස් ලබුසේන් 104, උස්මාන් කවාජා 37, ට්‍රෙවිස් හෙඩ් 12, කැමරන් ග්‍රීන් 04, ඇලෙක්ස් කේරි 16, ඩේවිඩ් වෝනර් 05, ප්‍රභාත් ජයසූරිය 90/3, කසුන් රජිත 56/1, රමේෂ් මෙන්ඩිස් 100/1)

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest