slc
logo
Home   |    News
ජූලි 30, 2022
කොමන්වෙල්ත් සටන අරඹමින් ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්තය මුණ ගැසෙයි

sinhala editor

බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළේල ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු තරගය සඳහා හෙට (30 දා) ප්‍රබල එංගලන්තය කාන්තා පිලට එරෙහිව එජ්බැස්ටන්හි සහභාගිවනු ඇත. බර්මිංහැම්හි පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වෙලාවෙන් ප.ව. 10.30 ට ආරම්භ වේ.

මැලේසියාවේ පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී බංග්ලාදේශ පිලට එරෙහිව ජයග්‍රහණය වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සත්විය.

පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩඩායම ‘බී’ කාණ්ඩය යටතේ තරග වදුන අතර, දෙවැනි තරගය සදහා නවසීළන්තයට එරෙහිව අගෝස්තු 02 වැනිදාද තෙවැනිතරගයට අගෝස්තු 04 වැනිදා දකුණු අප්‍රිකානු පිලට එරෙහිවද තරග බිමට පිවිසෙනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවිලයේදී සමාරම්භක උළෙලේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යන ලද්දේද ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු වීම කැපී පෙනෙයි. විචිත්‍රවත් සමාරම්භක උ‌ළෙලේදී එම අවස්ථාව තමන්ට හිමිවීම පිළිබඳව චමරි පසුවන්නේ දැඩි සතුටකිනි. “මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ධජය රැගෙන යෑමට අවස්ථාව හිමිවීම ගැන මම ගොඩක් සතුටට පත් වෙනවා. ඒ වගේම ඒක මට ආඩම්බරයක්. තරග ඉසව් ගොඩක් තියෙන මෙවැනි තරගාවලියක ධජය රැගෙන යෑම කියන්නේ වටිනා දෙයක්. එක මගේ ජීවිතයට වටිනම දෙයක් කියලා සලකනු ලබනවා” යි තරගය පිළිබඳව අද (29 දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අතපත්තු සඳහන් කර සිටියාය.

“අපිට ලැබිලා තියෙන කාණ්ඩයේ  ප්‍රතිවාදීන් බැලුවහම ගොඩක් ප්‍රබලයි. නමුත් වැදගත් වන්නේ අපි එදා දවසේ කොහොමද ක්‍රීඩා කරන්නේ කියන එකයි. ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් ඉදිරියෙන් ඉන්න පුලුවන්. නමුත් මම කියන්නේ ඒ සියල්ල අංක පමණයි. අපි පුලුවන් තරම් වැරදි අඩුවෙන් ක්‍රීඩා කළොත් අපිට ජයග්‍රහණය කිරීමේ හැකියාව තියෙනවා. අපිට එ් බලාපොරොත්තුව තියෙනවා” යැයි චමරි වැඩිදුටත් සදහන් කර සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට එක් වන්නේ ප්‍රබල ඉන්දියාවට එරෙහිව පැවැති තරග 3 බැගින් සමන්විත විස්සයි-20 සහ එක්දින තරගාවලියකින් අනතුරුවය. විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 ක් වශයෙන් ඉන්දියාව හමුවේ පරාජයට පත් වුවත් සෑම තරගයකම පාහේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. පිතිකරණයේ සිදුවූ අඩුපාඩුව නොවන්නට එම තරග 3 ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හොදම අවස්ථාව තිබුණි. එහෙත් අවාසනාව ශ්‍රී ලංකාව කරපින්‌නාගෙන තිබුණි.

“මම ගොඩක් මේ කන්ඩිෂන් වල ක්‍රීඩා කරලා තියෙනවා. ඒ නිසා මෙහි තණතීරු ගැන අවබෝදයක් තියෙනවා. ඒ වගේම ‌මෙහෙ තියෙන කාලගුණය මේ දිනවල ගොඩක්ම ශ්‍රී ලංකාවට සමාන නිසා එච්චරම වෙනස්කමක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා අපි ගොඩක් දේවල් ගැන ලොකුවට හිතන්නේ නෑ. ඒ වගේම කවුරුත් හිතන්නේ නෑ අපි මේ තරගාවලියේ ජයග්‍රහණ කරන කණ්ඩායමක් කියලා. ඒකත් අපිට වාසියක් විදියට මම සලකනවා. අපි උපරිමයෙන් මේ තරගාවලියේදී ක්‍රීඩා කළොත් හොඳින් තරගාවලිය අවසන් කරන්න අපිට පුලුවන් වෙයි” යැයි බලාපොරොත්තු සහගතව ශ්‍රී ලංකා නායිකාව අදහස් දක්වා සිටියාය.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee