slc
logo
Home   |    News
ජූලි 31, 2022
පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ එංගලන්තයට පරදියි

sinhala editor

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලේල පන්දුවාර විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්ව යටතේ ශ්‍රී ලංකා පිල තරග වැදි එංගලන්තයට එරෙහි ිපළමු තරගයෙන් කඩුලු 5 ක පරාජයක් අත් වින්දේය. එජ්බැස්ටන්හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත ක්‍රීඩිකාවෝ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී සපුරා ගන්නා ලද්දේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එංගලන්ත පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක් දියත් කල ඇලිස් කැප්සේ පන්දු 45 කදී ලකුණු 44 ක් රැස් කරන ලද්දේ හතරේ පහර 4 ක්ද සමගිනි. ඇයට අමතරව සොෆියා ඩන්ක්ලි සහ නටාලි සීවර් ලකුණු 17 බැගින් රැස් කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඇය ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තාය. ඇයට අමතව ඔෂධී රණසීංහ ලකුණු 20 කට කඩුලු 2ක් බිඳ හෙළුවාය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුනු 106 ක් පමණක් රැස් කර ගැනීමට හැකිවිය. නිලක්ෂි ද සිල්වාා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ පන්දු 28 කදී ලකුණු 25 ක් රැස් කරමිනි.

හසිනි පෙරේරා පන්දු 18 කදී ලකුණු 17 ක් රැස් කරද්දී නායිකා චමරි අතපත්තු ලකුණු 10 කට දැවී ගීයාය. ශ්‍රී ලංකා ඉනිමේ පිතිකාරිණියන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට නොහැකිවීම කැපී පෙනිණි.

පන්දු යැවීමේදී සොෆි එක්ලෙස්ටෝන් ලකුණු 25 කට කඩුලු 3 ක් බිද හෙළද්දී ඉසී වොං සහ ෆ්‍රෙයා කෙම්ප් කඩුලු 2 ක බැගින් බිද හෙළූහ.

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 106 යි – හසිනි පෙරේරා 17, නිලක්ෂි ද සිල්වා 25, ඔෂධී රණසීංහ 13, සොෆී එක්ලෙස්ටෝන් 25/3, ඉසී වොං 10/2, ෆ්‍රෙයා කෙම්ප් 14/2

එංලලන්ත කාන්තා පිල පන්දුවාර 17.1 කදී කඩුලු 5 ට ලකුණ් 109 යි – සො‌ෆියා ඩන්ක්ලි 17, ඇලිස් කෑප්සේ 44, නටාලි සීවර් 17, මයියා බෞචර් 21*, ඉනෝකා රණවීර 29/3, ඔෂධී රණසිංහ 20/2

Active filters

Recent Posts

  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]
  • ‘ඒ‘ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූරියබණ්ඩාරට
    ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරි පෙළ පිතිකරුවකු වන පසිදු සූරියබණ්ඩාරව නම් කර තිබේ. […]
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. […]

Pin It on Pinterest

USD United States (US) dollar