slc
logo
Home   |    News
ජූලි 30, 2022
සීක්කුගේ කරමතින් යුධ හමුදාව අවසන් සටනට

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ එස් කැපිටල් පිලට එරෙහි දෙවැනි අවසන් පූර්ව තරගාය්දී පිත්තෙන් ලකුණු 89ක් සහ පන්දු යවමින් ලකුණු 26කට කඩුලු හතරක් දවාලමින් සික්කුගේ ප්‍රසන්න දක්වන ලද තුන් ඉරියව්වේ දක්ෂතා හේතුවෙන් ලකුණු 123 ක ජයක් වාර්තා කළ යුධ හමුදාව එක්දින තරගාවලියේද අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (30 දා) සමත්විය.


අන්තර් සමාජ විස්සයි-20 ද ශූරයින් වන යුද හමුදා කණ්ඩායම පළමුව පන්දුවට පහරදී රැස් කරන ලද ලකණු 246 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරීමේදී ඒස් කැපිටල් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 27.4කදී සියල්ල දැවී ලකුණු 123 ක් පමණි.
ජයග්‍රාහී යුද හමුදා පිතිකරුවන් අතුරින් සීක්කුගේ ප්‍රසන්න පන්දු 66කට මුහුණදී හතරේ හයක් හයේ පහර හයක් සමග ලකුනූ 89ක් ද මහේෂ් කුමාර පන්දු 68කදි හතරේ හතරක් සමග ලකුණු 46ක් ද සුමිඳු ලක්ෂාන් පන්දු 51කදී හතරේ දෙකක් සමග ලකුණු 33ක්ද අෂාන් රන්දික පන්දු 22කදී හතරේ හතරක් සමග ලකුණු 19ක් ද රැස් කළහ.


සීක්කුගේ ප්‍රසන්නට අමතරව සුමින්ද ලක්ෂාන් ද තුන් ඉරියව්වේම දස්කම් දැක්වූයේ ලකුණු 33ක් රැස් කර පසුව ලකුණු 42කට කඩුලු 4ක් දවාලමිණි. යුධ හමුදාවේ හොඳම සබඳතා වූයේ හත්වන කඩුල්ලට සුමින්ද ලක්ෂාන් සහ මහේෂ් කුමාර එක්කළ ලකුණු 74 වේ. එස් කැපිටල් ලකුණු 247 ක ඉලක්කයක්කරා යද්දී මුළු ලකුණු 75 ක් වන විට ප්‍රබලම පිතිකරුවන් හත් දෙනෙකුම දැවී යාමෙන් ඔවුනගේ ජයග්‍රහණ අපේක්ෂා අවසන් විණි.
ඒස් කැපිටල් කන්ඩායමේ ඕෂද ප්‍රනාන්දු පන්දු 33 කදී හතරේ හතරක් සමග ලකුණු 33ක් ද නායක ලසිත් කෘස්පුල්ලේ පන්දු 18කදී හතරේ දෙකක් සහ හයේ පහරක් සමග ලකුණු 23 ක් ද ලබා වැඩිම ලකුණු ලාභීන් බවට පත්පත්වූහ.


මේ අතර කෝල්ට්ස් පිටියේ පැවැත්වීමට නිටමිතව තිබූ අනෙක් අවසන් පූර්ව තරගය හෙට දිනය දක්වා කල්දැමීමට පියවර ගැනුණි. තණතීරුවේ වූ අඩුපාඩුවක් හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබුණු සී.සී. සී. සහ ටැමිල් යුනියන් අතර තරගය හෙට කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.


යුද හමුදාව පන්දුවාර 48.2 කදි සියල්ල දැවී 246 යි – සීක්කුගේ ප්‍රසන්න 89,මහේෂ් කුමාර 46, සුමින්ද ලක්ෂාන් 33,අෂාන් රන්දික 19,ලසිත් කෘස්පුල්ලේ 32/2,චානක දේවින්ද 47/2, ප්‍රමූද් හෙට්ටිවත්ත 26/2,තනුක දාබරේ 52/2


ඒස් කැපිටල් පන්දුවාර 27.4 කදී සියල්ල දැවී 123 යි – ඕෂද ප්‍රනාන්දු 31,ලසිත් කෘස්පුල්ලේ 23,චානක දාබරේ නොදැවී 18, සකුන ලියනගේ 19, සීක්කුගේ ප්‍රසන්න 26/4,සුමිඳු ලක්ෂාන් 42/4 යි

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee