slc
logo
Home   |    News
ජූලි 6, 2022
LPL තුන්වැන්නේ ක්‍රීඩකයින් තේරීම

sinhala editor

තෙවැනි වරටත් පවත්වනු ලබන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පන්දුවාර විස්සයි-20 ක්‍රීකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම අද (05) පස්වරුවේදී සිදුකෙරුණු අතර එහිදී ක්‍රීඩකයින් 353 ක් අතුරින් ක්‍රීඩකයින් 60 දෙනෙකු තෝරා ගැනීම සිදු ‌කෙරිණ.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට පෙර ඒ ඒ කණ්ඩායම් වලින් ක්‍රීඩකයින් 20 දෙනෙකු රදවා ගත් අතර වෙන්දේසියට පෙර තවත් 20 දෙනෙකු මිලදී ගෙන තිබුණහ. ඒ අනුව ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් 60 දෙනෙකු පමණක් තෝරා ගැනීම සිදු කළහ.

මෙම තරගාවලියේ ඇති සුවිශේෂීතාව වන්නේ පෙර තරගාවලිවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බහුතරයක් සිය කණ්ඩායම් වෙනස් කිරීම වේ. ඒ අතරින් වැඩි අවධානයක් යොමුව තිබෙන දේශීය ක්‍රීඩකයින් වන වනිදු හසරංග(ජැෆ්නා සිට කැන්ඩි), චරිත් අසලංක (ජැෆ්නා සිටි කැන්ඩි), භානුක රාජපක්ෂ (ගෝල් සිට දඹුල්ලට), නිරෝෂන් දික්වැල්ල (දඹුල්ල සිට කලම්බු), චතුරංග ද සිල්වා (ජැෆ්නා සිට දඹුල්ලට) නව කණ්ඩායම් සමග එකතුවී සිටීම කැපී පෙනිණ.

කණ්ඩායම්වල රදවා ගත් ක්‍රීඩකයින් – ඇන්ජලෝ මැතිව්ස්, දසුන ශානක, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, ෂොයෙබ් මලික් (පාකිස්තානය), රාමනුල්ලා ගුර්බාස් (ඇෆ්ගනිස්තානය), කුසල් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, නුවන් තුෂාර, ස‌ෆ්‍රාස් අහමඩ් (පාකිස්තානය), සීකුගේ ප්‍රසන්න, තරිඳු රත්නායක, පුලින තරංග, කමිඳු මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සි, අශාන් රන්දික.

ක්‍රීඩක තෝරා ගැනීමට පෙර මිලදී ගත් ක්‍රීඩකයින් – ඩ්වෙන් ප්‍රිටෝරියස් (දකුණු අප්‍රිකාව), ඩිආචි ෂෝට් (ඔස්ට්‍රේලියාව), ඉමාඩ් වසීම් (පාකිස්තානය), කාලෝස් බ්‍රැත්වේට්(බ.ඉ. කොදෙව්), එවින් ලුවිස් (බ.ඉ. කොදෙව්), වනිඳු හසරංග, අසීෆ් අලී (පාකිස්තානය), බෙන් කටින් (ඔස්ට්‍රේලියාව), ෆාහීම් අෂ්රෆ් (පාකිස්තානය), හාඩස් විලියන් (දකුණු අප්‍රිකාව), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දුෂ්මන්ත චමීර, ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් (බ.ඉ. කොදෙව්), ධනංජය ද සිල්වා, ක්‍රිස් ග්‍රීන් (ඔස්ට්‍රේලියාව), නිරෝෂන් දික්වැල්ල, චතුරංග ද සිල්වා, ලක්ෂාන් සඳකැන්, දුනිත් වෙල්ලාලගේ.

ක්‍රීඩක තෝරා ගැනීමේදී මිලදී ගත් ක්‍රීඩකයින් – ෆේබියන් ඇලන් (බ.ඉ. කොදෙව්), ඩොමින්ක් ඩර්ක්ස් (බ.ඉ. කොදෙව්), සන්දීප් ලැම්චේන් (නේපාලය), ‌යෙනමෙන් මලාන් (දකුණු අප්‍රිකාව), ඩිවෝල්ඩ් බ්‍රේවිස්, ශහනවාස් දහානි (පාකිස්තානය), නවීන් උල් හ් (ඇෆ්ගනිස්ථානය), හේදර් අලී (පාකිස්තානය), අසාම් ඛාන් (පාකිස්තානය), ඉසුරු උදාන, මතීෂ පතිරණ, බිනුර ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, අෂේන් බණ්ඩාර, කරීම් ජෙනට්(ඇෆ්ගනිස්තානය), ශෙල්ඩන් කොට්‍රල් (බ.ඉ. කොදෙව්), උස්මාන් ශින්වාරි (පාකිස්තානය), ට්‍රිස්ටන් ස්ටබ්ස් (දකුණු අප්‍රිකාව, ප්‍රමෝද් මදුශාන්, නුවනිඳු ප්‍රනාන්දු, අෂාන් ප්‍රියන්ජන්, සුමින්ද ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ලසිත් කෲස්පුල්ලේ, නිමේෂ් විමුක්ති, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, මුදිත ලක්ෂාන්, කලන පෙරේරා, මොවින් සුබසීංහ, අවිෂ්ක පෙරේරා, ඩිල්ෂාන් මදුශංක, ලක්ෂාන් මානසිංහ, දිලුම් සුදීර, නිපුන් මාලිංග, අෂෙයින් ඩැනියෙල්, නිපුන් ධනංජය, කෙවින් කොත්තිගොඩ, සචිත ජයතිලක, සචිදු කොළඹගේ, මාලින්ද පුෂ්පකුමාර, විජයකාන්ත් වියස්කාන්ත්, චතුරංග කුමාර, දුෂාන් හේමන්ත, ලක්ෂාන් ගමගේ, ජනිත් ලියනගේ, තීසන් විදුෂාන්, නවෝද් පරණවිතාන, සෂා ද අල්විස්, තරිඳු කෞෂාල්, ලසිත් අබේරත්න, ටී. දිනෝෂන්, චමෝද් බට්ටගේ, රවිදු ප්‍රනාන්දු, සම්මු අශාන්, කවීන් බණ්ඩාර.

Active filters

Recent Posts

  • වෙල්ලාලගේ පීඩනය හමුවේ දඹුල්ල ලකුණු 27ට කඩුලු 6යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]
  • ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි […]
  • දඹුල්ලට එරෙහි ගාල්ල පළමු ඉනිමේ ලකුණු 6ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල […]
  • කැන්ඩි ලකුණු 460ට එරෙහි කොළඹ 106ට දැවීයයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේදී කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු […]
  • මිශාර පිට පිට දෙවැනි ශතකය ලබද්දී ඕෂද වැඩිම ලකුණු ලාභියා වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පළමු දිනය වූ අද (20 වැනිදා) කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට කමිල් මිශාර, ඕෂද ප්‍රනාන්දු […]

Pin It on Pinterest

USD United States (US) dollar