slc
logo
Home   |    News
ජූලි 4, 2022
LPL තෙවැන්නේ ක්‍රීඩක වෙන්දේසිය හෙට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තෙවැන්නෙහි ක්‍රීඩක තෝරා ගැනීම (Player Draft) හෙට ප.ව. 5.00 ට ආරම්භ වීමට නියමිතය.

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියද අන්තර්ජාල සංවාද මාධ්‍යය භාවිතයෙන් සිදුකෙරෙනු ඇත. ක්‍රීඩක ‘වෙන්දේසිය’ ලෙසින් බොහෝ දෙනා හඳුන්වනු ලබන මෙම ක්‍රීඩක තෝරා ගැනීම සදහා මෙවරත් දෙස් වි‌දෙස් ක්‍රීඩකයින් 353 දෙනෙකු සුදුසුකම් සපුරා සිටිති.

ඉන් 173 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 180 විදෙස් ක්‍රීඩකයෝ වෙති. මෙවර ක්‍රීඩක තෝරා ගැනීම සදහා සුදුසුසන් බවට පත්ව සිටින සියලුම ක්‍රීඩකයින් පළමු පෙළ, ජාත්‍යන්තර සහ හිටපු ජාත්‍යන්තර ක්‍රීඩකයින් වන්නෝය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන්ද ඇතුළු ඒ සඳහා වන බලයලත් කමිටුවක් විසින් සිදුකරනු ලබන මෙවර ක්‍රීඩක තෝරා ගැනීම, කණ්ඩායම් වල පුහුණුකරුවන් හෝ හිමිකාරීත්වය විසින් නම් කරනු ලබන කණ්ඩායමක් විසින් සිදු කිරීමට නියමිතය.

‘රූබි’ (Ruby), සපයර් (Sapphire), ඩයමන්ඩ් ‘ඒ’ (Diamond A), ඩයමන්ඩ් ‘බී’ (Diamond B)සහ ප්ලැටිනම් (Platinum) යන කාණ්ඩවලට අමතරව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 23 ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් කණ්ඩායමට එක් කර ගැනීම සදහා ගෝල්ඩ් වටයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. සමස්ථ කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් 14 ක් දේශීය සහ 6 ක් විදේශීය වශයෙන් සිටිය යුතුය.

මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර උපරිම වශයෙන් ක්‍රීඩකයින් 6 දෙනෙකු කණ්ඩායමේ හිමිකාරීත්වයේ අභිමතය පරිදි රඳවා තබා ගැනීමට අවස්ථාව පවතියි. දේශීය ක්‍රීඩකයින් 4 ක් සහ විදේශීය ක්‍රීඩකයින් 2 ක් වශයෙන් රඳවා තබාගත හැකි වන අතරම ක්‍රීඩක තෝරා ගැනීමට පෙර විදේශීය ක්‍රීඩකයින් දෙදෙනකු සහ දේශීය ක්‍රීඩකයින් දෙනෙකු සෘජුවම අත්සන් තබා ගැනීමේ අවස්ථාවද කණ්ඩායම් කලමනාකාරීත්වයට උදාවී තිබේ. එසේ සිදුකරන්නේ නම් සෙසු සියල්ලෝම ක්‍රීඩක තේරීමේදී සිදුකළ යුතු වේ.

මෙවර එල්.පී.එල්. තරගාවලිය ජූලි මස 31 වැනිදා ආරම්භ වන අතර එය හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee