slc
logo
Home   |    News
ජූලි 13, 2022
LPL තෙවැන්නේ තරග 14 ක් කොළඹ – ඉතිරි තරග හම්බන්තොටදී

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තෙවැනි වතාවටත් අභිමානවත්ව පවත්වු ලබන ලංකා ප්‍රිමියර් ලීග් 2022 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 01 වැනිදා ගියව ශූරයින් සහ අනුශූරයින් වන ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර තරගයෙන් ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ප.ව. 3.00 ට ආරම්භ වන මෙම තරගයෙන් අනතුරුව කලම්බු කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය ප.ව. 7.30 ට ආරම්භ වනු ඇත.

ඉකුත් වර තරගාවලිය මෙන්ම මෙවර තරගාවලියද සමස්ථ තරග 24 කින් සමන්විත වන අතර කොළඹ ආර්. ප්‍රේමදාස සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ක්‍රීඩාංගණවලදී සියලුම තරග පැවැත්වේ. මූලික වටයේ තරග 14 ක් කොළඹදීද අනෙක් තරග 6 හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත. මූලික තරග වලින් අනතුරුව අගෝස්තු 17 වැනිදා ආරම්භ වන කඩඉම් වටයේ තරග 3 සහ අවසන් මහ තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අවසන් මහ තරගය අගෝස්තු මස 21 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30 ට ආරම්භ වේ.

දෙවැනි තරගාවලියේ පරිදිම අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිළිමළුන් පිටු දැකීමේ තරගයකට (Eliminator) අමතරව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගයකට  ක්‍රීඩා කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීම තිබේ. මූලික වටයේ වැඩි දක්ෂතාවන් දක්වනු ලබන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරග වලදී සිදුවිය හැකි අසාධාරණය අවම කිරීම වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ලබයි.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් (Qualifier 1) ජයගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරගයට සුදුසුකම් ලබන නමුත් පරාජිතයින්ට තවත් වරක් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීම මෙම ක්‍රමය හරහා සිදුකෙරේ. ඒ අනුව පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) පරාජයට පත්වන කණ්ඩායමට නැවතත් අවසන් මහ තරග අවස්ථාව දිනා ගැනීමට නම් පිළිමළුන් පිටු දැකීමේ තරගයට හෙවත් Eliminator තරගයෙන් ජය ගනු ලබන කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළ යුතු වනු ඇත.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින්ද, ගෝල් ග්ලැඩියේටර්ස් පිල කුසල් මෙන්ඩිස් විසින්ද, කැන්ඩි ෆැල්කන්ස් පිල වනිඳු හසරංග විසින්ද, දඹුල්ල ජයන්ට්ස් දසුන් ශානක විසින්ද සහ කලම්බු කිංග්ස් ඇන්ජලෝ මැතිව්ස් විසින්ද නායකත්වය දරනු ඇත.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee