slc
logo
Home   |    News
ජූලි 19, 2022
කොමන්වෙල්ත් යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

sinhala editor

එංගලන්තයේ බර්මිංහැම්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙන අතර චමරි අතපත්තුගේ නායකත්වය යටතේ ක්‍රීඩිකාවන් 15 දෙනෙකු එම තරගාවලිය සඳහා සහභාගිවනු ඇත.

ජූලි මස 28 වැනිදා ආරම්භ වන මෙම තරගාවලිය අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා කාන්කා පිල ‘බී’ කාණ්ඩය යටතේ සිය පළමු තරගයට සත්කාරක එංගලන්තයට එරෙහිව ලබන 30 වැනිදා සහභාගිවීමට නියමීතය. පන්දුවාර විස්සයි-20 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ සෙසු ප්‍රතිවාදී වන්නේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව වේ. එම තරග පිළීවෙළින් අගෝස්තු 02 සහ 04 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි20 සහ එක්දින තරගාවලි සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 19 ක් අයත් වූ නමුත් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකු පමණක් ඇතුළත්ව සිටිති. ‌ ඒ අනුව ඉන්දීය තරග සංචාරයට ඇතුළත් වුණු තාරිකා සෙව්වනිද්, සත්‍යා සංදීපනී, කෞෂානි නුත්‍යාංගණා හා හංසිමා කරුනාරත්නට පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලිය අහිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ෂෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා,

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee