slc
logo
Home   |    News
ජූලි 25, 2022
ටැමිල්, එ්ස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. අවසන් පූර්ව වටයට

sinhala editor

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයත් සමග අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ටැමිල් යුනියන්, ඒස් කැපිටල්, යුද හමුදාව සහ සී.සී.සී. යන කණ්ඩායම් සමත්වූහ.

කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරගාවලියේදී ටැමිල් යුනිය් පිල සහ ඒස් කැපිටල් පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද යුද හමුදාව සහ සී. සී. සී. කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේද පෙරමුණට පැමිණෙමින් අවසන් කණ්ඩායම් 4 අතර තරගය වටයට පිවිස සිටිති.

සෑම පිලකටම තරග 12 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත වූ මූලික වටය යටතේ තරග 10 ක් ජයගිමින් ටැමිල් යුනියන් පිලද, තරග 10 ක් ජය ගනිමින් ඒස් කැපිටල් පිලද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙද්දී යුද හමුදා පිල තරග 11 ක් සහ සී. සී. සී. පිල තරග 11  බැගින් ජය වාර්තා කරමින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පිවිස සිටිති.

ඒ අනුව අවසන් පූර්ව තරග මේ මස 30 වැනිදා එන්. සී. සී. සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ වලදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය අගෝස්තු 01 වැනිදා එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිල ශ්‍රී ලංකාවට පැමිණෙයි
    ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව එක්දින තරග තුනකට සහ සිව්දින තරග දෙකකට සහභාගිවීම සදහා ඉන්දීය අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අද (30 දා) ශ්‍රී […]
  • ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක
    ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවස පුරාම දැඩි පීඩනයකට ලක් කළ අමීර් ජැන්ගූ සහ රොස්ටන් චේස්, හයවැනි කඩුල්ල සඳහා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සබඳතාව වන ලකුණු 401ක් ගොඩනඟමින් […]
  • අවු. 23 න් පහළ – එකම තරගයේ ශතක තුනක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති රාගම සහ එන්.සී.සී කණ්ඩායම් අතර තරගයේදී දෙපිළේම පිතිකරුවන් තිදෙනෙකු ශතක වාර්තා කිරීමට […]
  • මල්ෂ සහ තිසරුගෙන් කැපී පෙනෙන දක්ෂතා
    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සති අන්තයේදී පිතිකරණයෙන් සහ පන්දු යැවීමෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට මුවර්ස් […]
  • අවු. 23න් පහළ දෙදින තරගාවලියේ පළමු ජය එස්.එස්.සී. පිලෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී. කණ්ඩායම සමත්විය. පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee