slc
logo
Home   |    News
අගෝස්තු 12, 2022
ආරාධිත කාන්තා ක්‍රිකට් අවසන් මහ තරගය සදුදා

sinhala editor

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා ආරාධිත  විස්සයි 20  ක්‍රිකට් තරගාවලියේ  අවසාන  මහා තරගය  ලබන  සදුදා  (අගෝස්තු 15)  තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට තරග  කමිටුව තීරණය  කර තිබේ.

 නාවික  හමුදාව  සහ  ගුවන්  හමුදාව  දැනටමත්  අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සිටින  අ‍තර  මෙම අවසාන  තරගය  පසුගිය සිකුරාදා (4) වෙළද සේවා  ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුනත්  දිනය  පුරා   පැවැති   වර්ෂාව මත එය  කල්  දැමිණි.

අවසාන  මහා තරගය   කල්  දැමීමේ හේතුවෙන්  එදින තරගයට  සහභාගීවීමට නොහැකිව සිටි බර්මින්හැම්හි පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා ක්‍රිකට් තරගාවලියට ගොස් සිටි ක්‍රිඩිකාවන් හයදෙනෙකුටම  සදුදා (15) පැවැත්වෙන අවසාන තරගයට සහභාගිවී මේ අවස්ථාව දැන්  උදාවී තිබේ

එම ක්‍රිඩිකාවන් හයදෙනා නම්  නාවික හමුදාවේ ඉනෝකා රණවීර  ,  හර්ෂිතා මාධවී, හෂිණි පෙරේරා , සහ  ගුවන් හමුදාවේ  ඕෂදී රණසිංහ ,අමා කාංචනා සහ  මල්ෂා ෂෙහානි ය

ශ්‍රී ලංකා ජාතික  ක්‍රිකට් සංචිතයට අයත් ක්‍රිඩිකාවන් අතුරින්  ක්‍රිඩිකාවන් දහයක්   නාවික  හමුදා කාන්තා ක්‍රිකට් සංචිතයටත් ජාතික  සංචිතයේ  ක්‍රිඩිකාවන් නවයක්  ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් සංචිතයටත් ඇතුළත්ව   සිටීම   විශේෂත්වයකි .

ජාතික   සංචිතයට අයත් එම  නාවික  හමුදා ක්‍රිඩිකාවන් වන්නේ   හංසිමා  කරුණාරත්න , ඉනෝකා රණවීර , හර්ෂිතා මාධවී,  හෂිණි පෙරේරා , මධුරි  සමුද්ධිකා, ප්‍රසාදිනි  වීරක්කොඩි , චන්දිමා  ගුනරත්න , තාරිකා  සෙව්වන්දි , උමේෂා  නිමේෂනී, සහ  සත්‍යා සංදීපනීය. ගුවන්  හමුදාව  නියෝජනය කරන   ශ්‍රී ලංකා  සංචිතයේ ක්‍රිඩිකාවන් වන්නේ චතුරානි  ගුණවර්ධන , ඕෂදී රණසිංහ , අමා කාංචනා , මල්ෂා ෂෙහානි  , දිලානි මනෝදරා,චමරි පොල්ගම්පල, ඉනෝකා ප්‍රනාන්දු , යශෝධා මෙන්ඩිස් , සදුනි අබේවික්‍රම සහ  චතුරානි   ගුණවර්ධනය.

මුලික   වටයේදී  නාවික  හමුදාව  විසින් චිල්ව්  මේරියන්ස් බදුරලිය   සහ  සීනිගම  පරාජයට පත්  කළේය ගුවන්  හමුදාව මුලික  වටයේදී   එස්  කැපිටල් (වරාය ) සහ  යුදහමුදාව පරාජය  කළ  අතර  කෝල්ට්ස් තරගය අයහපත්  කාලගුණය මත  නතර  කිරීමෙන්  දෙපිලටම  සම  ලකුණු  ලැබිණි

මුලික   වටයේදී  නාවික   හමුදාව   ජයග්‍රහණය තුනට  ලකුණු හයක්ද   ගුවන් හමුදාව  ලකුණු පහක්ද   (ජයග්‍රහණ  දෙකයි සම  එකයි)   ලබාසිටියේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

USD United States (US) dollar