slc
Home   |    News
අගෝස්තු 24, 2022
එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකා යෞවනයෝ ටෙස්ට් තරගාවලියේ පෙරමුණට

sinhala editor

By Chamila Karawita

රනුද සෝමරත්නගේ ප්‍රවේගකාරී ලකුණු 120 ක නොබිඳුණු ශතකය නිසා එංගලන්ත යොවුන් පිලට එරෙහිව චෙල්ස්ම්ෆෝඩ්හි පැවැති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (24 දා) පස්වරුවේ අවස්ථාව හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 273 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ පන්දුවාර 57 කුත් පන්දුවක් අවසානයේදී ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ නියමුවා වූ රනුද සෝමරත්නගේ පිත්තෙන් එල්ල කරන ලද හතරේ පහරත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් විය. පන්දු 115 කට පමණක් මුහුණ දූන් දකුණත් පිතිකරුවා හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරකිින් තම ඉනිම සන්නද්ධ කරගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් වනුජ සහන් පන්දු 23 කදී ලකුණු 23 ක් ලබා අනෙක් අන්තයේ සිට රනුද සමඟ පිටිය තුළදීම ජයග්‍රාහී සතුට භුක්ති විඳීමට අවස්ථාව උදා කරගත් පිතිකරුවා බවට පත්වූවේය. ජයග්‍රහණය සනිටුහන්ව තරගාවලිය 1-0 ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පෙරමුණ ගන්නා විටත් දිනය අවසන් වීමට තවත් ඉතිරිව තිබුණේ පන්දු 11 ක් පමණි.

සිව්වැනි ඉනිමේදී ලකූණු 300 කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් හඹා යෑම යනු අතිශය දුෂ්කර කරුණත් වුවත් එය අභියෝගයක් ලෙස භාර ගත් ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු 4 ම බිඳ වැටෙන විට ලකුණු පුවරුව 48 ක් ලෙස සටහන්ව තිබිණ. ඒ වන විට පළමු ඉනිමේදී ශතකයක් ලද අසිත වන්නිනායකද (22) විවේකාගාරයේ සිට තරගය නරඹන්නකු බවට පත්වීම ශ්‍රී ලංකාවට දැඩි අවාසියක් ගෙන දෙන්නක් විය.

එහෙත් වගකීම කරට ගත් රනුද සෝමරත්න පස්වැනි කඩල්ල වෙනුවෙන් නායක රවීන්ද සිල්වා (22) සමග ලකුණු 50 ක සම්බන්ධතාවක්ද ඉන් නොනැවතුණු රනුද ළහිරු දවටගේ සමඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89 ක සම්බන්ධතාවක්ද පවත්වමින් ශ්‍රී ලංකා පිල අසීරුතාවෙන් මුදවා ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 187 ක්ව තිබියදී දවටගේ දවා ගැනීමට ඩොමිනික් කෙලී සමත්වීමත් සමඟ තරගය යළිත් දෙපිළටම විවෘත විය.

එහෙත් තමන්ට ලැබෙන සෑම අවස්ථාවකදීම සිය යුතුකම හරියටම ඉටු කිරීමට සමත් ක්‍රීඩකයකු වන වනුජ සහන්, රනුද සෝමරත්නට එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටියේය. අවශ්‍ය ලකුණු වේගයද හරියටම රදවා ගත් මොවුන් දෙපළ 7 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 42 ක් දක්වා ඉහළ දමාගෙන තිබූ අතර ඉන් ලකුණු 23 ක්ම වනුජ සහන්ගේ පිත්තෙන් වාර්තා විය.

තරගයේ අවසන් දිනය ඇරඹූ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 292 ක් සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත්වද්දී එහි වැඩිම කඩුලු සංඛ්‍යාවද වනුජ සහන් දවා ගත්තේය. ලකුණු 89 කට කඩුලු 4 ක් ලෙසින් වනුජගේ දක්ෂතාව සටහන් වද්දී දුවිඳු රණතුංග ලකුණු 34 කට කඩුලු 3 ක් සහ නායක රවීන්ද සිල්වා ලකුණු 70 කට කඩුලු 2 ක් දවා එංගලන්ත දෙවැනි ඉනිම නවතා ලීමට දායකත්වය දැක්වූහ.

එංගලන්ත යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 78.3 කදී සියලු දෙනා දැවී ලකුණු 387 යි – ජෝර්ජ් බෙල් 107, බර්ටී ෆෝර්මන් (නොදැවී_ 58, රොස් වයිට්ෆීල්ඩ් 86, හැරී සිං 27, බෙන් මැකිනි 33, දුවිඳු රණතුංග 100/4, දුලාජ් සමුදිත 105/2, වනුජ සහන් 56/2)

ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම පන්දුවාර 141.1 කදී සියලු දෙනා දැවී ලකුණු 407 යි – (අසිත වන්නිනායක 132, රනුද සෝමරත්න 65, පවන් පතිරාජ 32, ෂෙවෝන් ඩැනියල් 22, රවීන් ද සිල්වා 62, විනුජ රන්පුල් 42, බර්ටි ෆෝර්මන් 94/4, තෝමස් අස්පින්වෝල් 98/2, බෙන්ජමින් ක්ලිෆ් 68/2, එඩී ජැක් 62/2)

එංගලන්ත යොවුන් පිල දෙවැනි ඉනිම පන්දුවාර 75.5 කදී සියලු දෙනා දැවී ලකුණු 292 යි – (රොස් වයිට්ෆීල්ඩ් 110, බෙන් මැක්කිනේ 56, ජෝර්ජ් බෙල් 29, මැතිව් හර්ස්ට් 39, වනුජ සහන් 89/4, දුවිදු රණතුංග 34/3, රවීන් ද සිල්වා 70/2)

ශ්‍රී ලංකා යොවුන් පිල දෙවැනි ඉනිම පන්දුවාර 57.1 කදී කඩුලු 7 ට ලකුණු 276 යි – (රනුද සෝමරත්න (නොදැවී) 120, ළහිරු දවටගේ 49, වනුජ සහන් (නොදැවී 23), අසිත වන්නිනායක 22, රවීන් ද සිල්වා 22, විනුජ රන්පුල් 18, තෝමස් අස්පින්වෝල් 67/4, ඩොමිනික් කෙලී 52/2)

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest